ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නීතිඥ සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර තේරී පත් විය.
ඒ මහතා ලබා ගත් ඡන්ද ප්රමාණය 5093කි. ප්රතිවාදී අපේක්ෂකයා වූ ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා ලබා ගත් ඡන්ද ප්රමාණය 2707 කි.
අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සටන ඉතා උණුසුම්ව පැවැතීම හේතුවෙන් තියුණු තරගයක් ඇති වනු ඇතැයි විශ්වාස කලද අවසානයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉතා පහසු ජයග්රහණයක් අත් කර ගැනීමට සමත් වී ඇත.
අතුරුදහන් වූවන් වෙනුවෙන් වූ කාර්යාලයේ සභාපති වීම ජිනීවා මානව හිමිකම් යෝජනා පිළිබද දැක්වූ ස්වාධීන අදහස් හේතුකොටගෙන ප්රතිවාදී කදවුරේ නිර්දය විවේචනයට සාලිය පීරිස් මහතා ලක් වූ අතර එවන් විවේචන මැද මෙවන් ජයග්රහණයක් ලැබීමට හැකි වීම සුවිශේෂී වෙයි.