“රැකියා ලක්ෂය” සම්බන්ධයෙන් පතුරුවා හැර ඇති මතය වැරදියි! – ජනපති

රැකියා ලක්ෂය යටතේ බඳවාගනු පිරිස් විවිධ තනතුරු ඇති කරමින් සෞඛ්‍ය සේවයට එක් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති වල පැවතියේ දැඩි විරෝධයකි. මේ නිසා ඊයේ (23) දින කොළඹදී සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කෙරුණි. තවත් ප්‍රදේශ රැසක රෝහල් වල විරෝධතා පැවැත්විනි.

මේ සම්බන්ධව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් ඊයේ (23) දින සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැති බවය. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බවද ඔහු පවසා ඇත.

රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකක් බවත්, ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණක් වේ.  තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන්  ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලබන අතර  පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කරන නමුත්  ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ වැඩ වර්ජනයකට යාමට සිටි සෞඛ්‍ය වෘත්තීය සමිති 22 ක් වැඩ වර්ජනය අත්හැර ඇත.

Gotabaya Rajapaksa government jobs in sri lanka prasident media divison

-ශානි-

Social Sharing
නවතම