2019 බඳවාගත් අභ්‍යාසලාභීන්  ස්ථිර වෙද්දි  මාස 05 ක් හැලිලා!

2019 අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් ස්ථීර කිරීමේදී මාස 05ක සේවා කාලයක් අහිමිකිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අද (17) දින මානව හිමිකම් කොමිසමට (පුත්තලම) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

2019 බඳවාගත් වයඹ පළාත් සභාවට අනුයුක්ත උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ඊයේ (16) දින ලබාදීමට කටයුතු කර තිබෙන අතර එහි ස්ථිර වන දිනය ලෙස දක්වා ඇත්තේ 2021 ජනවාරි 1 දිනය වේ.

මෙම නිලධාරීන් 2019-08-01 හා 2019-09-16 වෙනි දිනවල කණ්ඩායම් දෙකක් ලෙස බඳවාගෙන ඇත්තේ වසරක පුහුණුවකින් පසු ස්ථිර කිරීමටය. එහිදී 14000  ක පමණ සංඛාවක් ඇත. දෙදහස් ගනනක් ඇත්තේ පළාත් සභා තුලය. අනෙක් අය ඇත්තේ මධ්‍යම රජය තුලය. ඒ අනුව 2020 -08-01 දා සහ 2020-09-16 වෙනි දිනට වසර සම්පුර්ණ වේ. නමුත් ඔවුන්ට ලබා දුන් පත් වීම් ලිපියෙහි සේවය ස්ථිර කර ඇත්තේ 2021 ජනවාරි 01 දා සිටය.

මෙලෙස අභ්‍යාසලාභීන්ගේ මාස 5ක සේවා කාලය අහිමි කිරීමට එරෙහිව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා අයිතිය වෙත ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටද යාමට බලාපොරොත්තු වන බවය.

තවද බැක්ඩේට් කොට ස්ථිර කරන ලෙස ඉල්ලා වෘත්තීය සමිතියක් ලෙස ද ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවත් මේ සම්බන්ධව මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු අදාල බලධාරින් දැනුවත් කර තිබෙන බවත් සති දෙකක කාලයක් තුල මෙයට නිසි විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා සිටින ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන් රැස් කර වෘත්තිය ක්‍රියා මාර්ගයකට ප්‍රවිශ්ඨ වන බවද ඒ් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ශානි

Social Sharing
නවතම