කොවිඩ් එන්නත පුජ්‍ය පක්ෂයත් ඉල්ලයි.           

කොරෝනා මර්දන කොවිෂීල්ඩ් එන්නත ගතවූ දින තුන තුළදී 50,000 කට අධික පිරිසකට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාතේ ප‍්‍රධාන රෝහල් 10 කදී එන්නත්කරණ කටයුතු ආරම්භ වූ අතර, මේ අනුව මුලින්ම ප‍්‍රමුඛතාව මත සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත මෙම එන්නත් කිරීමේ වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇත.

මේ අතර මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පවසන්නේ කොවිඩ් 19 වෛයිරසය මර්ධනය කිරීම සදහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත කොවිඩ් නිවාරණය සදහා සටන් වදින මුල්පෙල පිරිසට ලබාදීමෙන් පසුව ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට හා අන්‍ය පූජක ප්‍රසාදීන්වහන්සේලාට දෙවැනි වටයේදී ලබාදීමට රජය පියවර ගතයුතු බවය.

මේ රටේ සෑම ව්‍යසනයකදීම පෙරමුණ ගෙන සටන් කරනා ත්‍රීවිධ හමුදාව පොලිසිය මෙන්ම වසංගතයේදී සිය ජීවිත දෙවැනිකර සේවයේ නියුතුව සිටින සෞඛ්‍ය අංශවල සියළු දෙනා හට මුල්ම එන්නත ලබාදීමට රජය කටයුතු කිරීම ප්‍රසංසනීය බව නාහිමිපානන් පවසයි.

මෙරටට ආනයනකර තිබෙන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් 19 මර්ධන එන්නත මහා සංඝරත්නයට ලබාදීමේ ඇති වැදගත්කම පිළිබඳව අනුශාෂනා කල නාහිමිපානන්.

“මුලින්ම මේ එන්නත මෙරටට මාත්‍රා ලක්ෂ පහක් ගෙන්වා ගැනීමට කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ රජයට සමස්ත රටවැසියන්ම ස්තුතිවන්ත විය යුතුයි.

ඒ වගේම සෞඛ්‍ය අංශ වලය ත්‍රිවිධ හමුදාවට පොලිසියට මුල්ම වටයෙන් එන්නත් ලබාදීමත් අගය කළ යුතුයි. ඔවුන් අපි වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා.නමුත් මහා සංඝරත්නය හා අන්‍ය ආගමික පූජකතුමන්ලා පිළිබදව අවධානයක් යොමුවුනාද නැද්ද කියන කාරනය මා හරියට දන්නෑ.

නමුත් ආගමික නායකයින් සිදුකරනා කාර්ය භාර්ය රජය හොඳීන්ම වටහාගෙන සංඝරත්නයට හා අන්‍ය පූජකතුමන්ලට දෙවැනි වටයේදී එන්නත අනිවාර්යෙන්ම ලබාදිය යුතුයි.

මොකද කිසිදු වැටුපක් නොලබමින් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මහා සංඝරත්නය හින්දු මුස්ලිම් ක්‍රිස්තියානී පූජකතුමන්ලා කටයුතු කරනවා. මහා සංඝරත්නය අන්‍ය ආගමික පූජකතුමන්ලා කියන්නේ සෑම කටයුත්තකටම අනිවාර්යෙන්ම සහභාගිවෙන පිරිසක්. අපට කොරෝනා කියලා සමාජ වගකිමෙන් බැහැරවෙලා කටයුතු කරන්න බෑ.

අපිට කොරෝනා කියලා පන්සලට එන ජනතාවට එන්න එපා කියන්න බෑ. අවමගුලට පාංශු කූලයට පිරිත් නූලක් බැදගන්න එන කෙනෙකු ඒවා කරන්නෑ කියලා හරවා යවන්න බෑ.

රජා දුගියා මගියා ඇතුළු ඕනම කෙනෙකු අපි පිළිගන්නවා. ඒ නිසා මේ වෛරසයෙන් බලපෑම් එල්ලවන අය අතරේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍ය පූජක ප්‍රසාදීනුත් ඉදිරියෙන්ම ඉන්නවා. ඒ නිසා රජය ඊළග වටයේ එන්නත් ලබාදිමේදී මේ පිළිබදව අවධානය අනිවාර්යෙන්ම අවධානය කළයුතුයි.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම