ඡන්දෙට යොදා ගත්ත පෙර පාසල් ගුරුවරු අද අනාථයි! – සමස්ත ලංකා පෙර පාසල් හිමියන්ගේ සංගමය

මාස 10 ක් එක දිගට මේ වන විට බස්නාහිර පළාතේ පෙර පාසල් වසාගෙන සිටීම නිසා දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටින පෙර පාසල් ගුරුවරුන්ට තමන්ගේ කණකර උකස් කිරීමට සිදුව ඇතැයි සමස්ත ලංකා පෙර පාසල් හිමියන්ගේ සංගමයේ සභාපති සමන් මඩලකන්ද මහතා පවසයි.

එමෙන්ම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇතැයිද මෙය දරුවා පාසලට භාර දෙන අවස්ථාවේදී ගැටලුවක් වන බව පෙන්වා දෙන ඒ මහතා කියා සිටින්නේ තවදුරටත් පෙර පාසල් විවෘත කිරීමේ හැකියාවක් නැති බවට අදාල බලධාරීන් කියා සිටින්නේ නම් මේ ගුරුවරුන් වෙනුවෙන් සහනදායි වැඩපිලිවෙලක් ආරම්භ කළ යුතු සේම දරුවන්ගේ අහිමිව යන පාඩුව පිරිමසා ගත හැකි වැඩපිලිවෙලක් සැකසිය යුතු බවය.

පහුගිය මැතිවරණ වලදී මොවුන්ව තමන්ගේ දේශපාලන යාන්ත්‍රණ වැඩ වලට යොදා ගත් නමුත් අද ඔවුන් අසරණ වූ අවස්ථාවේ රජය නිහඬව සිටින බවද ඔහු පවසයි. මේ වන විට පෙර පාසල් ගුරුවරු 40,000 කට ආසන්න සංඛ්‍යාවක්ද, පෙර පාසල් 19,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවද ඔහු සඳහන් කර සිටියි.

බස්නාහිර පළාතේ අනෙක් ස්වයං රැකියා නියුක්තිකයින් තමන්ගේ රැකියා සෞඛ්‍ය නිර්දේශ අනුව පවත්වාගෙන යද්දී කිසිම හව්හරණක් නැති පෙර පාසල් ගුරුවරු පමණක් පෙර පාසල් වසාගෙන සිටින බව පෙන්වා දෙන සුනිල් මහතා පවසන්නේ.

 

Social Sharing
නවතම