ලිංගික ශ්‍රමිකයින්ටත් රැකවරණයක්!

ලිංගික ශ්‍රමිකයෝ කියු පමණින් ඔවුන් කවුරුන්ද යන්න රටේ ජනතාවට තේරුම් යන්නේ නැත. ඒ සමාජය ඒ පිරිස හඳුන්වන්නේ ගණිකාවන් ලෙස වීම නිසාය.

මේ ලිංගික ශ්‍රමිකයෝ මෑතකදී බිහි වු චරිත නොවේය. ඔවුන්ගේ ඉතිහාසය ඈත රජ දවස දක්වාම, බුදුන් සිටි සමය දක්වාම පැතිර ඇත. එදා නගර ශෝභනියන් වූ ඔවුන් වර්තමානය වන විට ගණිකාව බවට පරිවර්තනය වී ඇත.

මේ ලිංගික ශ්‍රමිකයින් අශිෂ්ඨ රැකියාවක යෙදෙන ලෙඩ රෝග පතුරවමින් හුදෙක් මානව වර්ගයාගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ඇති කරන්නන් ලෙස සමාජය ඔවුන් දෙස බලයි.

කොරෝනා ව්‍යවසනය හමුවේ වඩාත් අසරණ වූ කණ්ඩායමක් ලෙස මේ ලිංගික ශ්‍රමිකයින් හඳුන්වා දිය හැකිය. මොවුන්ගේ ජිවිත ඉතාම අවිනිශ්චිත වන්නේ මේ නිසාය.

ලිංගික ශ‍්‍රමික කාන්තාවන්ගේ අයිතීන් පිළිබද සාකච්ඡා කීරිමට ඇති ඉඩ ප‍්‍රස්ථා ඉතා පටුය. ඔවුන් කරන රැකියාවට ගෞරවයක් නැති වීම පමණක් නොව  ඔවුන් අපහාසයට, අපහසුතාවයට, අඩන්තේට්ටම්වලට ලක් කරන සමාජ සංස්කෘතියක් අපේ රටේ තුල ඇත.

මාධ්‍යය වාර්තාකරණයේදී පවා පවා ඔවුන් පිළිබඳ තොරතුරු පළකරන්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් කඩ කරමින්, අවමානයට ලක් කරමින්ය.

පොලිසිය විසින් නිතර මේ ලිංගික ශ්‍රමිකයන් නීතියේ රැහැනට හසු කරන්නට උත්සාහ දරන අතර ඇතැම් විට ඔවුන්ට එම නිලධාරින්ගේද මනදොල සපුරාලපීමට සිදු වේ.

මේ වන විට අධිකරණයෙන් ඉතාම ප්‍රගතිශීලී තීන්දු කීපයක්ම ලිංගික ශ්‍රමිකයන් විෂයෙහි ලබාදී තිබුනත් මේ පොලීසිය මොවුන්ට බුරුලක් පෙන්වන්නේ නැත.

විශේෂයෙන්ම මොවුන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව ඇති උපත් පාලන කොපු, අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්විමේ ඖෂධ පොලිසිය අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වලින් කියා සිටියි. නමුත් නියමාකාරව නම් පොලිසියට මේ උපත් පාලන කොපු ආදිය අත්අඩංගුවට ගැනිමේ හැකියාවක් නැත. මන්ද එය සෞඛ්‍යාරක්ෂිත බව සුරකින මෙවලමක් නිසාය. මේ බව සඳහන් කර  සියලුම පොලිස් ස්තාන වලට චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත. නමුත් පොලිසිය ඒවා තකන්නේ නැත.

එමෙන්ම වසර කීපයකට පෙර රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පලෙහිදී පොලිස් නිලධාරියෙකු  විසින් ප්‍රසිද්ධියේ ලිංගික ශ්‍රමික කාන්තාවකට බිම පෙරලාගෙන පහර දුන් අයුරුද අපට අමතක නැත.

ඕනෑම කෙනෙක් උපත් පාලන කොපුවක් බෑගයේ තියාගැනීම පවා වරදක් කරමින් ගණිකාවක් ලෙස නඩුවකට පැටලැවිය හැකි තරම් ලංකාවෙ නීතිය පීඩාකාරී ස්වරූපයක් මේ වන විට ගනිමින් ඇත.

මේ නිසා ෆැකල්ටි ඔෆ් සෙක්ස් ක්‍රියාකාරීත්වය (Faculty of Sex) මේ අය වෙනුවෙන් අරමුදලක් ඇති කරන්න තීරණය කර ඇත. ෆැකල්ටි ඔෆ් සෙක්ස් ආයතනය කරන හැම ඉපැයීමකින්ම 10%ක කොටසක් ලංකාවෙ ලිංගික ශ්‍රමිකයන් වෙනුවෙන් නිර්මාණය වෙන ලඳුනේ අරමුදලට බැර වන බවද මේ අරමුදල වෙනුවෙන්ම කැපවුනු ක්‍රියාකාරකම් කරන්නත් බලාපොරොත්තු වන බවද ඔවුන් කියා සිටියි.

පොලීසිය මොවුන්ට පවරන නඩු වෙනුවෙන් වියදම් කරන්න හෝ නඩු කාලයෙහි ජීවත් වෙන්න හෝ ක්‍රමයක් නැතිව මේ මිනිස්සු අසරණ වෙන බවත් අනෙක් අතට රෝගාබාධයක් වැලඳුනු විට පවා මේ අය දිනපතා උපයන අදායම් නතර වෙන බවත්  රෝහලක නැවතී සිටින කාලය ගත කරන්න හෝ අවශ්‍ය බෙහෙත් හේත් ගන්න හෝ පිලිසරණක් ඔවුන්ට නැති බවද මෙම ක්‍රියාකාරිත්වය පෙන්වා දෙයි.

ලිංගික ශ්‍රමිකයන් බහුතරයකට තමන් වෙනුවෙන් ඉතුරු කරපු මුදල් නෑ. ඔවුන්ගේ රැකියාවෙ ස්වරූපය අනුවම ඔවුන්ට ජීවත් වෙන්නෙ අද දවස විතරයි ඒ නිසා ඔවුන් වෙනෙුවෙන් මේ අරමුදල පිහිටවනු ලබන බවද ෆැකල්ටි ඔෆ් සෙක්ස් ක්‍රියාකාරීත්වය වැඩිදුරටත් සදහන් කර සිටියි.

(facultyofsex.com)

Social Sharing
නවතම