පාදඩ දේශපාලනයකට සුදානම් නෑ! – ජනාධිපති කියයි.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට  සූදානම් වුවත්,  විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට  සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බවත් විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බවද ඔහු කියා සිටී.

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක් බව කියා සිටින ජනාධිපතිවරයා පවසන්නේ ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැති බවය.

ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි විපක්ෂයට කියා සිටී.

මහා සංඝරත්නය ඇතුළු ජනතාව ජනාධිපතිවරයා වීමට පෙර සිටි ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව අපේක්ෂා කළ බවත් පිත්තල හන්දියේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීහු තමා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවේ  එය සිදු කළ ත්‍රස්ත නායකයාට මුහුණපෑමට සිදු වූ ඉරණම ජනතාව දන්නා බවද ජනාධිපතිවරයා පවසයි.

අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති  “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Not ready for corrupt politics! - President Gotabaya

Not ready for corrupt politics! - President Gotabaya

Social Sharing
නවතම