සෞඛ්‍ය ඇමතිවරු 04 ක් සිටියත්, වගකීම ජනාධිපතිට සිදු කරන්න වෙලා! – රවී කුමුදේශ්

ප්‍රතිශක්තිකරණ එන්නත් ටික ගෙන්වා ගැනීම සඳහා අති විශාල දුප්පත්කමක් සෞඛ්‍ය අමාත්‍යංශයට නොමැති බවත් මෙම අමාත්‍යාංශය යැපෙන්නේ  රජයෙන් පමණක් නොවන බවත් ලෝකයේ විවිධ අරමුදල් වල මුදල් ඇති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

මේ ප්‍රතිශක්ති එන්නත් අතරත් මේ වන විට තරඟයක් ඇතැයිද මෙයින් හොඳ එක කුමක්ද යන්නත්, ලංකාවට හොඳ එක කුමක්දැයි යන්නත් තවම තහවුරු වී නොමැති බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ එය අධ්‍යයනය කරන තත්ත්වයකුත් ලංකාවේ නොමැති බවත් මෙවැනි ගැටලු සහගත පසුබිමක මේ එන්නත ලංකාවට පැමිණෙන දිනය තවම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියා ගැනීමට නොහැකි වී ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ වන විට අවුල් සහගත තත්ත්වයක් පෙන්නුම් කරන බවත් අමාත්‍යවරු 04 ක් සිටි නමුත් මෙයට සෘජුවම වගකියන්නේ කවුදැයි, ලංකාවට ගෙන ආ පසු එන්නත බෙදා හැරීම සම්බන්ධ කටයුතු කරන්නේ කවුදැයි යන කරුණු සම්බන්ධයෙන් අවුල් සහගත බවක් පෙනෙන්නට ඇති නිසා අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ජනාධිපතිවරයාටම සිදු කිරීමට සිදු වී ඇතැයිද රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ නිසා මෙහි මධ්‍යස්ථ තීරණයක් ගැනීමට නම් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවත් ප්‍රතිශක්තිකරණ එන්නතක් හෙට ගෙන ආවත් එය ජනතාවට ලබා දිමේදී මාස දෙකක්වත් ගත වෙනු ඇති බවත් මන්ද ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දිමේදී සෞඛ්‍ය සේවාවවේ යාන්ත්‍රණය ඊට සුදානම් විය යුතුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Social Sharing
නවතම