වසර මැද රාජ්‍යමූල්‍ය තත්ත්වය – ඉකොනොමැට්ටා

මැයි මාසය අවසානයේදී රුපියල් බිලියන 197.3ක්ව පැවති අයවැය අතිරික්තය ජූනි මාසය අවසානයේදී රුපියල් බිලියන 9.5 දක්වා පහත වැටී තිබෙනවා. වසරෙන් අඩක් ගත වෙද්දී වසර මුල ඇස්තමේන්තු කළ ආදායමෙන් 55.8%ක් එකතු වී ඇති අතර වියදම් කර තිබෙන්නේ ඇස්තමේන්තුවෙන් 39.0%ක් පමණයි. පුනරාවර්තන වියදම් ඇස්තමේන්තුවෙන් 45.7%ක් වියදම් කර ඇති නමුත් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුවෙන් වසර මැද වන විටද වැය කර තිබෙන්නේ 16.1%ක් පමණයි.

රාජ්‍ය ආදායම ක්‍රමයෙන් දදේනියෙන් 20% මට්ටම දක්වා වැඩි කර ගැනීමේ ඉලක්කයක ආණ්ඩුව සිටින බව පෙනෙනවා. මේ සඳහා කළ හැකි දේ යෝජනා ලෙස ඉදිරිපත් කිරීම සඳහා පසුගිය මාසයේදී රජය විසින් අවස්ථාව ලබා දී තිබුණා.

Social Sharing
ආර්ථික පුවත්