වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය ජූලි 7 දක්වා දීර්ඝ කෙරේ!

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ඇති වූ තාක්ෂණික අවහිරතා හේතුවෙන් නියමිත දිනය වන ඊයේ (30) වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට ජූලි 7 වන දින රාත්‍රී 12.00 දක්වා එම ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා කාලය දීර්ඝ කර ඇති බව කොමිෂන් සභාව නිවේදනය කරයි.

කොමිෂන් සභාව සඳහන් කළේ, විශාල පිරිසක් එකවර ඔන්ලයින් පද්ධතිය ඔස්සේ වෙබ් අඩවියට පිවිස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් වෙබ් අඩවියේ තාවකාලික අවහිරතාවක් ඇති වූ බවයි.

එමෙන්ම, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුවන තාක්ෂණික ගැටලු සඳහා පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශය සමඟ පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙස මහජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

076 701 1954
011 258 7287

Social Sharing
නවතම පුවත්