විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට මහජන අදහස් විමසුමක්!

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසුමක් සිදුකිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් ක‍රන ආකාරයට අනුව ලබන 4 වන දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව පසුගියදා රැස්වූ අතර එහිදී අදාළ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. ත්වද ඒ පිළිබදව මහජන අදහස් ලබාගැනීම සඳහා ද යෝජනා වී ඇත.

ඒ අනුව ලබන 4 වන දින ශ්‍රී ලංනා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අදාළ මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමය ද මහ සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ විධායක සභාව විසින් ලබන 11 වන දින මෙම විශේෂ මහ සභා රැස්වීම කැදවීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Social Sharing
නවතම පුවත්