තෙල්දෙණිය භෞතික චිකිත්සකවරියගේ ඝාතන සිද්ධියට සැකපිට කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට!

තෙල්දෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය පොලිසිය අද (25) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර හා අනුබල ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

පසුගිය 17 වැනිදා තෙල්දෙනිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළින් භෞත චිකිත්සකවරියගේ මළ සිරුර සොයාගෙන තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙල සිර කිරීම හේතුවෙන් සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Social Sharing
නවතම පුවත්