ස්ත්‍රීන්, තරුණයන් හා ළමුන් සේවයේ යෙදවීමේ නීති උල්ලංඝනයට දඩය රු.10,000 සිට රු.100,000 දක්වා ඉහළට!

ස්ත්‍රීන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී පනවනු ලබන උපරිම දඩ මුදල රුපියල් 10,000 සිට රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට රජය යෝජනා කර තිබේ.

ඒ සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් වන 1956 අංක 47 දරන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එම සංශෝධිත පනත් කෙටුම්පතට අනුව, දැනට ක්‍රියාත්මක පනතේ 7, 13 සහ 20අ වගන්ති යටතේ නියම කර ඇති මූල්‍යමය දණ්ඩන සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව, මෙතෙක් පැවති රුපියල් 10,000ක උපරිම දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීම මෙම සංශෝධනය මගින් අපේක්ෂා කෙරේ.

මෙම සංශෝධනය මගින් සේවා ස්ථානවල ස්ත්‍රීන්, තරුණයන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පවතින නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ඇත.

එම ගැසට් පත්‍රය පහතින්

gazette

උපුටා ගැනීම What News

Social Sharing
නවතම පුවත්