ඊයේ රණවිරුවන් සැමරුවා, අද අපි සාම විරුවන් සමරනවා – ආචාර්ය ජෙහාන් පෙරේරා.

ජනාධිපතිවරයා ඊයේ රණවිරු දිනයට සහභාගී වෙමින් නැවත යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, ඔබ ප්‍රාර්ථනා කළ සාමකාමී දේශය අනිවාර්යෙන් ගොඩ නගන බව ප්‍රකාශ කළා. අද මෙතන ඉන්නේ එම සාමකාමී දේශය ගොඩ නැගීම වෙනුවෙන් කැප වූ සාම විරුවන්. අපි අද ඔවුන් ඇගයීමට ලක්කරනවා. පසුගිය කාලයේ ඔබ සාමය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. රටේ සාමය හා සංහිදයාව වෙනුවෙන් ඔබ කළ කැපවීම අගයකළ යුතුයි.

සාමය ඇති කිරීම සදහා ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා ජාතික ප්‍රශ්ණයට තිරසාර ලෙස දේශපාලන විසදුමක් ලබා දිය යුතුයි. ඒ සදහා රටේ වැදගත තීරණ ගැනීමේ ක්‍රියාවලියට සියළු ජන කොටස් හි සහභාගීත්වයක් අව්‍යයයි.

ජෙහාන් පෙරේරා මහතා මේ අදහස් ඉදිරිපත් කලේ “සංහිදියාව සහ සමාජ යුක්තිය තුළින් ජාතික සමගිය ශක්තිමත් කිරීම” මැයෙන් අද (20) කොළඹ BMICH හි පැවති ජාතික සමුළුව අමතමිනි.

මෙම සමුළුව සදහා දිස්ත්‍රික්ක 16ක් නියෝජනය කරමින් බෞද්ධ , හින්දු, ඉස්ලාම්, කතෝලික හා ක්‍රිස්තියානි ජූජ්‍ය පක්ෂය හා සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

ජෙහාන් පෙරේරා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අපේ රටේ බහුතරයක් සාමයට කැමතියි. නමුත් සුළු කණ්ඩායමක් මෙයට විරුද්දයි. ජාතික සාම මණ්ඩලයේ වගකීම වන්නේ මේ සුළු කණ්ඩායමත් සාමයේ මාවතට රුගෙන ඒමයි. ඒ සදහා මෙහි සිටින සාම විරුවන්ගේ අඛන්ඩ මැදිහත්වීම තව දුරටත් අවශ්‍යයි.

අපි මේ ආණ්ඩුව කරන හොද දේවල් අගය කරනවා. අපි හිතනවා, මේ ආණ්ඩුවට ජාතික ප්‍රශ්නයට ස්ථිරසාර විසදුමක් ලබා දෙන්න පුලුවන් කියලා. ඒකට හොදම අවස්ථාව මෙයයි. අපි හිතනවා විපක්ෂයත් මේ සදහා සහාය ලබාදෙයි කියලා.

අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රජය මේ සම්බන්ධව අධියර තුනක් ඔස්සේ කටයුතු කරමින් සිටිනා බවයි.

එහි පළමු අධියර ලෙස රටේ දේශපාලන/ආර්ථික/සමාජීය වශයෙන් ස්ථාවර භාවය ඇති කිරීම බවත්, දෙවැනි අධියර ලෙස රටේ වර්ධනය ඇති කිරීම බවත් , තෙවනුව පරිවර්තනීය වෙනසකට රට භාජනය කිරීම බවත් ප්‍රකාශ කළේය.

⁣එහි මූලික අවධි පසුකරමින් සිටින බවත් ඔහු පාකාශ කරන ලදී.

මෙහි දී රජය අවම වශයෙන් වැඩ දෙකක් සම්පුර්ණ කර ඇති බවත්, ඉන් ප්‍රධාන කාරනාව ලෙස උතුර පිළිගන්නා දකුණක් හා දකුණ පිළිගන්නා උතුරක් ගොඩ නැගීමට මෙම මාස 18ක කාලය තුළ හැකි වී ඇති බව ප්‍රකාශ කළාය. එමෙන්ම, සියළු ජන කොටස් හි විශ්වාසය දිනා ගැනීමට හැකි ඇති බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම, වත්මන් රජය කිසිදු ජාතීවාදයකට හෝ ආගම්වාදයකට කිසිසේත්‍ නොකරන බවත් ප්‍රකාශ කළේය.

ජාතික සමගිය සංහිදියාව ගොඩ නැගීම මේ රටේ උඩු දුවපු ප්‍රශ්නයක්. උඩ තුවාලේ බේත් කරාට යට තිබෙන ප්‍රශ්නයත් විසදිය නොහැකියි.

මේ ප්‍රශ්නයේ ගැඹුර අපි තේරුම් ගත යුතුයි. මේ හා බැදුන ආර්ථික සමාජීය හා සංස්කෘතික ප්‍රශ්ණත් අපි විසදිය යුතුයි.

Social Sharing
නවතම පුවත්