පහළොස් හැවිරිදි දැරියක බරපතළ ලිංගික අතවරයකට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකාර හිමිනම ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද දහවල් එම රෝහල වෙත ගොස් සැකකාර හිමිනම නිරීක්ෂණය කළ බව වාර්තා වේ.
ඉන් අනතුරුව සැකකාර හිමිනම ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදින ඔහු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබේ.
විමර්ශන කටයුතු සිදුකරගෙන යාම සඳහා සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

