
භාණ්ඩාගාරයෙන් අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ජාත්‍යන්තර හැකර්වරයෙකු විසින් ලබාගෙන තිබේ නම්, එම මුදල් නැවත රජයට ලබාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් විය හැකි බව මහාචාර්ය අනුරාධි හපුආරච්චි පවසයි.
භාණ්ඩාගාරයට අහිමි වූ බව කියන මුදල සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කළද, එම මුදල් නැවත රජයට ලබාගැනීමේ හැකියාව පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.
කෘතිම බුද්ධි පර්යේෂකවරියක, රොබෝ විද්‍යාව සහ ඩිජිටල්කරණය පිළිබඳ විශේෂඥවරියක වන ඇය පෙන්වා දෙන්නේ සාමාන්‍ය මූල්‍ය වංචාවක් වුවද මුදල් සොයාගැනීම අපහසු කාර්යයක් බවයි.
“සාමාන්‍ය මුදලක් ලබාගත් සාමාන්‍ය වංචාවකදීත් මේක ටිකක් අපහසුයි,” යනුවෙන් ඇය ප්‍රකාශ කළාය.
තවද, ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන් තාක්ෂණික වශයෙන් ඉතා ප්‍රබල බවත්, ඔවුන් විසින් සාක්ෂි ඉතිරි නොවන ආකාරයෙන් ක්‍රියාකරන බවත් ඇය අවධාරණය කළාය.
“මේ මුදල් නැවත ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ජාත්‍යන්තර හැකර් කෙනෙක් නම් මේ මුදල් ගැනීම ඉතා අපහසුයි. මොවුන් තාක්ෂණිකව ඉතා ප්‍රබලයි. කිසිම සාක්ෂියක් ඉතුරු කරන්නේ නැහැ,” යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
