පාස්කු ප්‍රහාර නඩු සඳහා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවන ලෙස කතෝලික පල්ලිය ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු බවට ඔප්පු වූ අයට එරෙහිව ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව සහතික කිරීම සඳහා ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය ඉල්ලා සිටියි.

“නීතිපති කාර්යාලයට ලබැඳියාවන් අතර ගැටුම් ඇති විය හැකි බව අපට හැඟෙන බැවින් අපි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ඉල්ලා සිටිමු,” යනුවෙන් කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා 17 වන දා සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

එසේම, සාක්ෂිකරුවන්ට තර්ජනය කරන බවට වාර්තා ඇති බව ද ඔහු පැවසීය.

ප්‍රහාර සඳහා බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක ආයතනවල සියලුම සාමාජිකයන්ට දොස් පැවරිය නොහැකි බව ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් පැවසීය.

“බුද්ධි අංශ, පොලිසිය සහ ආරක්ෂක අංශවලට සම්බන්ධ ආයතනවල ඇතැම් සාමාජිකයන් පමණක් වගකිව යුතුයි,” යනුවෙන් ප්‍රනාන්දු පියතුමා පැවසීය.

උපුටා ගැනීම ceylonwire වෙබ් පිටුවෙනි

Social Sharing
නවතම පුවත්