දරුවෙකුට උප්පැන්න සහතිකය නොමැති වීම අධ්‍යාපනය අහිමි කිරීමට හේතුවක් නොවේ – සරෝජා පෝල්රාජ්

උප්පැන්න සහතිකය නොමැති වුවද ඕනෑම දරුවෙක්ට පාසලකට ඇතුළත් විය හැකි බව කාන්තා හා ළමා කටයතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි. ඇය සඳහන් කර සිටින්නේ දරුවෙකුට උප්පැන්නයක් නොමැති වීම අධ්‍යාපනය නොලැබ සිටීමට හේතුවක් නොවිය යුතු බවයි. ඒ අනුව උප්පැන්න සහතිකය නොතිබුණ ද එම වයස් කාණ්ඩවලට අයත් සියලු දරුවන් නියමිත ශ්‍රේණියට ඇතුලත් විය යුතු බව ඇය අවධාරණය කර සිටියි.

තවද ඇය සඳහන් කර සිටින්නේ රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති දරුවන්ව ලියාපදිංචි කොට උප්පැන්න සහතික ලබා දීමේ ක්‍රියාවලිය ඇරඹීමට නියමිත අතර එම ක්‍රියාවලිය අරඹන තුරු දරුවන්ව පාසලට ඇතුළත් කළ යුතු බවද ඇය සඳහන් කර සිටියි.

සම්පූර්ණ පුවත පහත වීඩීයෝව ඔස්සේ

 

 

 

Social Sharing
නවතම පුවත්