
ගෝලීය පොහොර අවශ්‍යතාවයෙන් 35%කට ආසන්න ප්‍රමාණයක් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ප්රවාහණය කෙරෙන බැවින් එම ප්‍රදේශයේ ඇතිවන අර්බුදකාරී තත්ත්වයන් තෙල් හා ගෑස් පමණක් නොව සමස්ත ආහාර පද්ධතියට ද දැඩි බලපෑමක් ඇති කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අවධාරණය කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ Advocata Plus YouTube නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.
එහිදී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, යූරියා ඇතුළු නයිට්‍රිජන් පොහොර සම්බන්ධ ගෝලීය ප්‍රවාහන කටයුතුවලින් ද සියයට 35කට ආසන්න ප්‍රමාණයක් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා සිදුවන බවයි. මෙම තත්ත්වය හේතුවෙන් එම සමුද්‍ර මාර්ගයේ ඇතිවන යම් බාධාවක් හෝ අර්බුදයක් ගෝලීය මට්ටමින් පොහොර සැපයුමට බලපා හැකි බවත්, එය අවසානයේ ආහාර නිෂ්පාදනය සහ ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා Advocata Plus YouTube නාලිකාව සමග පැවැත්වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත පහතින්
