දූෂ­ණ­යට එරෙ­හිව සටන් කිරී­මට හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ආය­තන ශක්ති­මත් කිරී­මට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

දූෂ­ණ­යට එරෙ­හිව සටන් කිරී­මට හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ආය­තන ශක්ති­මත් කිරී­මට ශ්‍රී ලංකාව කැපවී සිටින බව චීනයේ පැවති 2026 බෝආඕ ආසි­යානු සංස­දයේ වාර්ෂික සමු­ළුව අම­ත­මින් කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා ප්‍රකාශ කරයි.

ස්ථාවර හා සමෘ­ද්ධි­මත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මේදී සංහි­ඳි­යාව, සියලු දෙනා­ටම අව­ස්ථාව ලබා­දීම සහ යහ­පා­ල­නයේ වටි­නා­කම පෙන්වා දී තිබෙන ඒ මහතා, දේශ­ගු­ණික විප­ර්යාස සහ මානු­ෂීය අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දී­මට වැඩි­දි­යුණු කළ ගෝලීය සහ­යෝ­ගී­තාව අවශ්‍ය බව ද පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා චීන මහ­ජන සමූ­හා­ණ්ඩුවේ හයි­නාන් පළාතේ පැවති බෝආඕ ආසි­යානු සංස­දයේ වාර්ෂික සමු­ළු­වට (Boao Forum for Asia Annual Conference 2026) සහ­භාගි වීම සඳහා නිල සංචා­ර­යක නිරත විය. දූත පිරි­සට පාර්ලි­මේ­න්තුවේ මහ­ ලේ­කම් කුෂාණි රෝහ­ණ­ධීර මහ­ත්මිය සහ ව්‍යව­ස්ථා­දා­යක සේවා අධ්‍යක්ෂ සහ සන්නි­වේ­දන අධ්‍යක්ෂ (වැඩ­බ­ලන) ජය­ලත් පෙරේරා මහතා ඇතු­ළත් වූහ.

කථා­නා­ය­ක­ව­රයා බෝආඕ සංස­දයේ සභා­පති බන් කී මූන් සහ සංස­දයේ මහ­ලේ­කම් ෂැං ජුන් මහ­ත්වරු හමු විය. එම රැස්වීමේ දී බන් කී මූන් මහතා, ගෝලීය අස්ථි­ර­තාව ඉහළ යමින් පව­තින මෙවන් අව­ස්ථා­ව­කදී ආසි­යාවේ සංවා­දය හා සහ­යෝ­ගී­තාව සඳහා බෝආඕ සංස­දයේ වැද­ග­ත්කම අව­ධා­ර­ණය කර තිබේ. වර්ත­මාන අභි­යෝ­ග­යන්ට මුහු­ණ­දී­මට ශක්ති­මත් දේශ­පා­ලන නාය­ක­ත්වය අත්‍ය­වශ්‍ය බව ද පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ කලා­පීය භූමි­කාව ද ඔහු ප්‍රශං­සා­වට ලක්කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස සේවය කළ කාලයේ ශ්‍රී ලංකාවේ කළ සංචා­රය සිහි­පත් කර­මින්, යුද ගැටු­ම්ව­ලින් පසු කාලය තුළ රට ලබා­ගත් ප්‍රග­තිය ද බන් කී මූන් මහ­තාගේ ඇග­යී­මට ලක් විය. ආසි­යානු කලා­පය සහ ලෝකය මුහුණ දෙන සංකීර්ණ අභි­යෝ­ග­ව­ලදී සංවා­දය, සහ­යෝ­ගී­තාව සහ ප්‍රති­ප­ත්ති­ග­රුක නාය­ක­ත්වයේ වැද­ග­ත්කම කථා­නා­ය­ක­ව­රයා අව­ධා­ර­ණය කර ඇත.

ඵල­දායී සහ­භා­ගී­ත්ව­යක් සඳහා බෝආඕ සංස­දය සහ එහි නිර්මා­තෘ­ව­රුන්ගේ කාර්ය­භා­රය ඇග­යී­මට ලක්ක­ර­මින් සාමය සහ බහු­පා­ර්ශ්වි­ක­ත්වය ඉදි­රි­යට ගෙන යෑමේදී ලබා­දෙන ගෝලීය නාය­ක­ත්වය වෙනු­වෙන් බන් කී මූන් මහ­තාට ප්‍රශංසා කළේය. ශ්‍රී ලංකාවේ අත්දැ­කීම් සඳ­හන් කර­මින්, ස්ථාවර හා සමෘ­ද්ධි­මත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මේදී සංහි­ඳි­යාව, සියලු දෙනා­ටම අව­ස්ථාව ලබා­දීම සහ යහ­පා­ල­නයේ වටි­නා­කම ඔහු අව­ධා­ර­ණය කළේය. දූෂ­ණ­යට එරෙ­හිව සටන් කිරී­මට සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ආය­තන ශක්ති­මත් කිරී­මට ශ්‍රී ලංකාවේ කැප­වීම නැවත තහ­වුරු කළේය.

දේශ­ගු­ණික විප­ර්යාස සහ මානු­ෂීය අභි­යෝ­ග­ව­ලට මුහු­ණ­දීම සඳහා වැඩි­දි­යුණු කළ ගෝලීය සහ­යෝ­ගී­තාවේ අව­ශ්‍ය­තාව ද කථා­නා­ය­ක­ව­රයා පෙන්වා දුන්නේය. සාම­කාමී සහ තිර­සර අනා­ග­ත­යක් හැඩ­ගැ­ස්වීම සඳහා සාමූ­හික ක්‍රියා­මාර්ග, අන්‍යෝන්‍ය ගෞර­වය සහ වග­කීම අත්‍ය­වශ්‍ය බව අව­ධා­ර­ණය කළේය. කථා­නා­ය­ක­ව­රයා “නව ප්‍රව­ණතා, නව අවස්ථා සහ නව සහ­යෝ­ගිතා සම­ඟින් අනා­ග­තය එක්ව හැඩ­ග­ස්වමු” තේමාව යටතේ සමු­ළුවේ ප්‍රධාන සැසි­වා­රය ඇම­තීය.

චීනයේ ජාතික මහ­ජන කොංග්‍ර­සයේ ස්ථාවර කමිටු සභා­පති ෂාඕ ලෙජි මහතා ප්‍රධාන සැසි­වා­ර­යට සහ­භාගි වී ප්‍රධාන දේශ­න­යක් පැවැ­ත්වීය. සිංග­ප්පූ­රුවේ අග­මැති ලෝරන්ස් වොන්ග්; අස­ර්බ­යි­ජාන් ජාතික සභාවේ කථා­නා­යක සහිබා ගෆ­රෝවා සහ කස­ක­ස්තා­නයේ පළමු නියෝජ්‍ය අග­මැති රෝමන් ස්ක්ලියාර් මහත්ම මහ­ත්මීහු ද මෙම සමු­ළු­වට එක්ව සිටි­යහ.

මෙම සමු­ළු­වට සම­ගා­මීව, චීනයේ ජාතික මහ­ජන කොංග්‍ර­සයේ ස්ථාවර කමිටු සභා­පති ෂාඕ ලෙජි මහතා සමඟ කථා­නා­ය­ක­ව­රයා ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වක් ද පැවැ­ත්විණි. කථා­නා­ය­ක­ව­රයා ලෙස සිය පළමු චීන නිල සංචා­රය මෙය බව සඳ­හන් කළ කථා­නා­ය­ක­ව­රයා, එය දිගු­කා­ලීන ද්විපා­ර්ශ්වික සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කරනු ඇතැයි විශ්වා­සය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සේද මාවත ඔස්සේ වෙළෙඳ හා සංස්කෘ­තික හුව­මාරු හරහා වසර 2,000කට වැඩි කාල­යක් පුරා දීර්ඝ­කා­ලීන සබ­ඳතා පව­තින බව කථා­නා­ය­ක­ව­රයා සිහි­පත් කළේය. නිර­තු­රුව චීනය ලබා­දුන් අඛණ්ඩ සහ­යෝ­ගය මෙන්ම විශේ­ෂ­යෙන් දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ලබා­දුන් සහය පිළි­බ­ඳව ඔහු සිය කෘත­ඥ­තාව මෙහිදී පළ කළේය.

දෙරට අතර සංචා­රක ව්‍යාපා­රයේ සැල­කිය යුතු වර්ධ­න­යක් ඇති බව කථා­නා­ය­ක­ව­රයා පෙන්වා දුන්නේය. චීන සංචා­ර­ක­යන්ගේ පැමි­ණීම සැල­කිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, එම­ඟින් චීනය, ශ්‍රී ලංකා­වට වැඩිම සංචා­ර­ක­යන් පැමි­ණෙන රට­වල් පහෙන් එකක් බවට පත්ව ඇති බවත් සඳ­හන් කළේය. චීන ජාති­ක­යන් සඳහා වීසා රහිත විධි­වි­ධාන හඳු­න්වා­දීම මෙම ඉහළ යෑමේ ප්‍රව­ණ­තා­වට ධනා­ත්මක ලෙස දායක වී ඇති බව ද ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

චීනයේ ජාතික මහ­ජන කොංග්‍ර­සයේ ස්ථාවර කමි­ටුවේ සභා­පති ෂාඕ ලෙජි මහතා ප්‍රකාශ කළේ, ද්විපා­ර්ශ්වික හුව­මාරු තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින්, ශ්‍රී ලාංකේය ජාති­ක­යන් සඳහා ද වීසා රහිත විධි­වි­ධාන හඳු­න්වා­දීම සඳහා පිය­වර ගැනී­මට අපේක්ෂා කරන බවයි.

2001දී පිහි­ටු­වන ලද බෝආඕ ආසි­යානු සංස­දය, ආසි­යාව පුරා සහ ඉන් ඔබ්බට රජ­යන්, ව්‍යාපාර සහ ශාස්ත්‍රා­ලි­ක­යන් අතර සංවාද සඳහා ඉහළ මට්ටමේ වේදි­කා­වක් සප­යන රාජ්‍ය නොවන සහ ලාභ නොල­බන ජාත්‍ය­න්තර සංවි­ධා­න­යකි.

කලා­පීය ආර්ථික සහ­යෝ­ගී­තාව, සියලු දෙනාට අවස්ථා හිමි වන ගෝලී­ය­ක­ර­ණය සහ බහු­පා­ර්ශ්වි­ක­ත්වය ප්‍රව­ර්ධ­නය කිරී­මට අඛ­ණ්ඩව කට­යුතු කරන මෙම සංස­දයේ 25 වැනි සංව­ත්ස­රය මෙම වස­රට යෙදී තිබේ. බෝආඕ ආසි­යානු සංස­දයේ වාර්ෂික සමු­ළුව ප්‍රධාන කලා­පීය සහ ජාත්‍ය­න්තර ගැටලු පිළි­බ­ඳව සාකච්ඡා කිරී­මට සහ සංව­ර්ධ­නය සඳහා අන්‍යෝන්‍ය සහ­යෝ­ගී­තාව වර්ධ­නය කිරී­මට ගෝලීය නාය­ක­යන්, ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන්, කර්මාන්ත විශේ­ෂ­ඥ­යන් සහ විද්ව­තුන් එක්රැස් කරන ප්‍රමුඛ වේදි­කා­වක් ලෙස පිළි­ගැනේ.

උපුටා ගැනීම දිනමිණ වෙබ් පිටුවෙනි.

Social Sharing
නවතම පුවත්