“මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම මාර්තු 30 දා කොළඹදී

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් විසින් රචිත “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම මෙම මස 30 වැනිදා සවස 4.15ට කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කර ඇති මෙම කෘතිය, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය හා ජේ.ආර්. ජයවර්ධන මහතා සම්බන්ධ විවිධ දේශපාලන හා සමාජීය පසුබිම් පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ ඉදිරිපත් කරන කෘතියක් ලෙස සැලකේ.

මෙම කෘතිය පිළිබඳ විචාර ඉදිරිපත් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් සහභාගී වීමට නියමිත අතර, සිංහල සංස්කරණය පිළිබඳ විචාරය ආසියානු කලාපීය මාධ්‍ය සහයෝගීතාවයේ කලාප උපදේශක ආචාර්ය රංග කලන්සූරිය විසින් සිදු කරනු ඇත.

දෙමළ සංස්කරණය පිළිබඳ විචාරය එක්සත් රාජධානියේ ඉස්ලාමීය පදනමේ සභාපති ආචාර්ය අර්. මුස්තාෆා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉංග්‍රීසි සංස්කරණය පිළිබඳ විචාරය දේශපාලන ක්‍රියාකාරී රෙහාන් ජයවික්‍රම විසින් සිදු කිරීමට නියමිත බව සංවිධායකයින් සඳහන් කරයි.

මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය දේශපාලන, මාධ්‍ය සහ බුද්ධිමය ක්ෂේත්‍ර නියෝජිතයින් රැසක් සහභාගී වන වැදගත් සංස්කෘතික හා බුද්ධිමය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

උපුටා ගැනීම The Leader lk

Social Sharing
නවතම පුවත්