මේක ආණ්ඩුවේ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක්! – ජෝසප් ස්ටාර්ලීන්

පෙරටුගාමී උද්ඝෝෂණයට කළ පහර දීම ආණ්ඩුව පොලිසිය යොදවා කළ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් බවත් ඉන් හඟවා සිටින්නේ ඉදිරියේදි ඔවුන් උද්ඝෝෂකයින්ට සලකන ආකාරය බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා කියයි.

ඔවුන් කියන ආකාරයට කොවිඩ් වලින් පසුව ලංකාවේ උද්ඝෝෂණ පැවැත්වීමට නොහැකි බව මේ ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයෙන් පෙන්වා දී ඇතැයිද ඔහු කියා සිටියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයවත්, ඉදිරියේදී උද්ඝෝෂණ කරන කිසිදු පුද්ගලයෙකු තනි නොකරන අතර මේ රටේ වැඩ කරන පංතිය ඒකාබද්ධව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයිද ඒ මහතා පවසයි.

ආණ්ඩුව මේ ආකාරයෙන් පොලිස් අධිරාජ්‍යයක් ගොඩනගන අතරම අනෙක් පැත්තෙන් රට බරපතල ලෙස හමුදාකරණයකට ලක් කරමින් සිටින බවත් රට සදාචාර රටක් කරන්න කියා හමුදා නිලධාරීන් යොදවා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවත් ඒ බලකායට ඇති බලය කුමක්ද කියාත් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රශ්න කර සිටියි.

ජනතාව මර්දනය කිරිමට පොලිසිය යොදා ගැනිමත් සියලු දේ හමුදාකරණය කිරීමත් භයානක ප්‍රවණතාවයක් බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ මෙම ගමන වහාම නැවැත්විය යුතු බවය.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කර සිටියේය.

Social Sharing
නවතම