
මැදපෙරදිග කලාපයේ පැවැත්වෙන යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා දරුවන් 1,100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව UNICEF සංවිධානය පවසයි.
එම සංවිධානය අනුව, මෙම මරණ අතරින් දරුවන් 200ක් පමණ ඉරානය තුළ මිය ගොස් ඇති අතර, 91 දෙනෙකු ලෙබනන් තුළත්, ඊශ්‍රායලයේ දරුවන් සිව් දෙනෙකු සහ එක් දරුවෙකු කුවේටය තුළ මිය ගොස් ඇති බව සඳහන් වේ.
මෙම ගැටුම් තත්ත්වය හේතුවෙන් කලාපය පුරා මිලියන සංඛ්‍යාත දරුවන්ට “විනාශකාරී” තත්ත්වයක් උදා වී ඇති බවද UNICEF සංවිධානය අවධාරණය කරයි.
යුද්ධය හේතුවෙන් අධ්‍යාපනයට දැඩි බාධා ඇතිවී ඇති අතර, කලාපය පුරා මිලියන ගණනක් දරුවන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වී ඇති බවද වාර්තා වේ. එසේම බෝම්බ ප්‍රහාර සහ සටන් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් තම නිවාසවලින් අවතැන් වී ඇති බවද සඳහන් කරයි.
“දරුවන්ගේ ජීවිත අහිමි කිරීම, ඔවුන් ආබාධිත තත්ත්වයට පත් කිරීම හෝ දරුවන් යැපෙන අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි දෙයක්” යැයි UNICEF සංවිධානය තවදුරටත් ප්‍රකාශ කර ඇත.
