
ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
දිට්වා සුළිකුණාටුවට මුහුණ දීමේදී බලධාරීන් සතුව පැවති පූර්ව සූදානම සහ එහි අඩුපාඩු පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීම සහ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන යෝජනා සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව පත් කරන බව කතානායකවරයා සඳහන් කළා.
එම කාරක සභාව සඳහා පහත සඳහන් මන්ත්‍රීවරුන් පත් කර තිබෙනවා.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා (සභාපති), වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, ඇන්ටන් ජයකොඩි මහතා, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා, නීතිඥ අනුරාධ ජයරත්න මහතා, හෙක්ටර් අප්පුහාමි මහතා, රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, එම්.කේ.එම්. අස්ලම් මහතා, නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය, කන්දසාමී ප්‍රභූ මහතා, රුවන් මාපලගම මහතා, වෛද්‍ය පද්මනාදන් ශක්තිලිංගම් මහතා
