ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩුද?

ඇත්තටම ආණ්ඩු ලාභ ලබනවා කියලා හිතං ඉන්න ව්‍යාපාර කරන්න ගියාම ඔය ඉරනම තමා අත්වෙන්නේ ඔය හුණ්ඩු වැඩ නිසා කවමදාවත් නං සෙතක් වෙන්නෑ!

සීනි, පොල් තෙල් , කජු , සිලලර බඩු , Air ටිකටක්, හාල් විකුනන හුණ්ඩු මානසිකත්වයෙන් දැන්වත් ම්දෙන්න කියලා තමා අපිටත් කියන්න තියෙන්නේ සමහර මැති ඇමතිලට ටැග් කරන්න එපා!
ඇත්තටම අපිට රටක් විදියට දැක්මක් හෝ Strategy එක්ක තිබ්බෙ නෑ , අපේ අනාගතේ ගැන කාලෙන් කාලට මැතිවරණවලට ලස්සන පාට පින්තූර ගහපු සුරංගනා ලෝක මවපු එක එක අයගේ දැක්මවල් ක්‍රියාත්මක කරන්න ගිහිං අපිට හොම්බෙන් යන්න උනා මතක ඇති .

හදෙන් හරි හාල් ගෙනවා, ධර්මිෂ්ඨ රාජ්‍යක්, ආසියාවේ ආස්චර්යය වගේ කාලෙන් කාලෙට ආපු පෞද්ගලික දැක්මවල් අවසානෙට රටට ජනතාවට ඉතුරු කලේ ණය කන්දක් විතරයි.
අදටත් ඒ ගත්තු හුන්ඩු තීරණ නිසා අපි දුක් විදිනවා උදාහරණයක් Sri Lankan Air lines ජනසතු කොට මස්සිනාලාට පැවරීම නිසා ණය පිට ණය වෙලා දැන් විකුණන්න හැදුවත් ගන්න කෙනෙක්නෑ එදා මේ සමාගම මේ ප්‍රපාතෙට ඇදලා දාපු අය තවමත් වගේ වගක් නැතුව දේශපාලනය කරනවා අදටත් ඒ බර අපේ බදු මුදලින් ගෙවනවා. ගොඩක් කාලෙකට කලින් තෙල් ජනසතු කරලා එදා ගත්ත හුණ්ඩු තීන්දු නිසා ලංකාවෙ හිටපු සියළු තෙල් සමාගම් ලංකාව දාලා සිංගප්පූරුවට ගියා අද ලංකාව තෙල් ගෙන්වන්නේ සිංගප්පූරුවෙන් . හිතන්න ඒ සමාගම් ටික අද ලංකාවේ හිටියනම් ලංකාව බොහෝ දුරට තෙල් මධ්‍යස්ථානයක් වෙන්න තිබ්බා අපේ පිහිටීමත් එක්ක, හැබැයි මේ හුණ්ඩු කාරයෝ හිතන්නේ හුණ්ඩුවෙ තරමට නිසා අපිට ඒ දේ අහිමි කලා. පරම්පරා ගණනාවක අනාගතය දියාරු කරලා දැම්මා ඒකේ වගකීම ගන්නේ කවුද ඒ තීන්දු තීරන ගත්ත අයගෙ පවුලේ හා සමීපතයින් අදටත් දේශපාලනය කරනවා ඔවුන්ට බලය ධන තියෙනවා කිසිදු දඩුවමක් වගවීමක් හෝ පසුතැවීමක් නෑ.

රටක ආර්ථිකය හදන්න හුන්ඩු විදියට බලලා බෑ දැන් ලෝකේ තියන තත්වෙ අනුව අපි ඉතා විශාල අදමින් දේවල් දිහා බලන්න ඔනේ . ජනාධිපතිතුමාත් කියන්නේ ඒ කාරනය එතුමාට ඒ පිළිබදව යම් දැක්මක් හා කියවීමක් තියනවා අපි කැමති ආණ්ඩුවේ මැති ඇමතිවරු, නිලදාරී හා බලධාරීනුත් ජනාධිපතිතුමා දකින විදියට හුණ්ඩුවෙන් එලියට ඇවිල්ලා ලෝකය දිහා බලනවනම්. පසුගාමී සංවෘත රේඛ්ය චිතන වලට රටවල් හදන්න බෑ මිත්‍රවරුනේ ! ඒකට විවෘත වඩා පළල් ගැඹුරු දැක්මක් හා චින්තනයක් අවශ්‍යයි ඒක ජනාධිපතිට පමණක් තිබිලත් මදි රටේ මිනිස්සුන්ටත් දූපත් මානසිකත්වෙයන් මිදෙන්න බැරිනම් කවදාවත් එහෙම රටක් ගොඩ යන්නෑ .

හුණ්ඩු මානසිකත්වයෙන් මිදෙමු ලෝකයට විවෘත වෙමු! තරගකරමු! ගැටගැහෙමු! ජයගමු !. ඒකට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරන කඩිනමින් කරමු . අපි හැමදාම කියකවා අපේ බලශක්ති ක්ශේත්‍රයට දැවැන්ත ප්‍රතිසංස්කරන ආයෝජන අවශ්‍යයි හුණ්ඩු වාදීන් තමන්ගේ තැන නැතිවෙයි තමන්ගෙ පංගු අහිමිවෙයි කියලා මේ වැඩ කරන්න දෙන්නෑ හැම තැනින්ම හිර කරනවා පරක්කු කරනවා දේශපාලන උවමනාව තිබ්බට මදි ඒකට නිළදාරින්ගේ සහයෝගය නැත්තම් කවදාවත් ඒ වෙනස්කම් සිදුකරන්න බෑ . මේ රාජ්‍ය ආයතනවල පවතින ඒකාධිපති අධිපතිවාදී නිළදාරීවාදය කඩනකම් අනුර ජනපති නෙමේ රාවනා ආවත් ජනතාව පෝල්ම් වල මහපාරේ නැත්තං කලුවරේ .රටේ බලශක්තිය පිළිබද මීට වඩා ගැඹුරින් අපි හිතන්න ඔනේ මාස කිහිපයකට අවශ්‍ය බොර තෙල් ගබඩාකරගන්න බැරිනම් , අඛන්ඩ විදුලි සැපයුම සාදාරන මිලකට දීමට අසමත්නම් , පොඩි වෙළදපල වෙනස්කමකින් ගෑස් පෝලිම් ඇති වෙනවනම් ඇත්තටම රටේ ජාතික ආරක්ශාව පිළිබද අර්බුදයක් නැද්ද . අපි මේ ගෙවාදමන්නේ මෑත ඉතිහාසයේ ඉතා අස්ථාවරම කාලවකවානුවක මේවගේ සැපයුම් කඩාකප්පල් වීම් යුධමය තත්ව , ස්වාභාවික විපත් බහුල කාලයක් මේක ඒක නිසා අපිට තෝරාගැනීම හා විකල්ප අපි වහ වහා හදාගන්න ඔනේ ආණ්ඩුවකට ඒක තනියම කරන්න බෑ කලයුතුත් නෑ මේක විවෘත කල යුතුයි නමුත් අවශ්‍ය යාමනය තබාගෙන නැත්තං අනිවාර්ය බිදවැටීම් හා ඒකාධිකාර ඇතිවෙනවා.

ඇත්තටම රජයක කාර්යභාර්යය පෞද්ගලික අංශයට අත තියන්න බැරි එහෙම හිතන්නවත් බැරි දේවල් කරන්න එක එහෙම නැතුව සීන් කඩ හන්දිගානේ දාන එකවත් පාඩුවට Airplane business එක්ක දුවන එකවත් නෙමේ.

ප්‍රතිපත්ති,නීති ,යාමනය හා අවශ්‍යනම් අත්‍යාවශ්‍ය කාරනයකදි සේවා සැපයීම කලයුතුයි ඒක තමා රජයේ කාර්යයභාර්ය ,ජනජීවිතය බාදාවකින් තොරව පවත්වා ගැනීමත් ජාතික ආරක්ශාව හා ආර්ථිකය ස්ථාවර තියාගනිමින් අනාගතයට අවශ්‍ය දිගුකාලීන ආයෝජන ,සැලැස්මන්. ප්‍රතිපත්ති හා යටිතලවිවෘහයන් ක්‍රියාත්මක කීරීමත් කලයුතුයි . නිතරම වෙළදපලට හා පෞද්ගලික අංශයට වඩා ඉදිරියෙන් දේවල් දකින්න ඔනේ ක්‍රියාත්මක කරන්න ඔනේ නැත්තං කොහොම දැක්මක් හා දියුනුවක් කරා යන්නේ .

හුන්ඩු වාදින්නට බම්බුගහගන්න කියලා කලයුතු ප්‍රතිසංස්කරණ වහ වහා ක්‍රියාත්මක කරමු ! ලොකුවට හිතමු පළල්ව දකිමු!

සටහන ජනාත් පෙරේරා

උපුටා ගැනීම ඇඩ්වොකාටා ෆේස්බුක් පිටුවෙනි.

 

 

 

Social Sharing
නවතම පුවත්