ශාසනයට දායද කරන දරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.

ඕනෑම පූජනීය ස්ථානයක හැදෙන වැඩෙන දරුවන් විශේෂයෙන් ආගමික පූජකවරුන් වීමට ආගමික ස්ථානයන්ට ඇතුළුවන දරුවන්ගේ වගකීම රජය සතුවන බව ගල්කන්දේ ධම්මානන්ද හිමි‍යන් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ තුෂාරා වික්‍රමනායක මහත්මිය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ දී ඇය විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

ඒ අනුව එතුමිය පූජනීය ස්ථානවල සිදුවන ළමා අපචාර සම්බන්ධයෙන් හා එම දරුවන්ව ආරක්ෂා කරගැනීමේ වගකීම හා වගවීම පවතින්නේ කුමන පාර්ශවයකටද යන්න පිළිබඳ අදහස් ධම්මානන්ද හිමිගෙන් විමසු අතර එහිදී උන් වහන්සේ මේ බව සඳහන් කළේය. තවද උන් වහන්සේ සඳහන් කළේ පොදුවේ ගත්කළ දෙමාපියන් නොවන පාර්ශවයක් වෙත දරුවන්ගේ වගකීම පැවරෙන අවස්ථාවල දී රාජ්‍ය යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය හරහා සිදු විය යුතු බවට සඳහන් කළේය.

තවද ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටියේ ‍යම් දරුවෙකු භාරගන්නා පූජකවරයාගේ මානසික මට්ටම, එම පූජකවරයාගේ අතීත චර්යාවන් පිළිබඳව, එම දරුවා ඇතුළුවන්නේ ආරක්ෂිත තැනකට ද යන්න ළමා ආරක්ෂණ අධිකාරිය හරහා පරීක්ෂණය කොට දරුවා භාර දෙන්නේ නම් දරුවා මීට වඩා සුරක්ෂිත බවයි.

සම්පූර්ණ වැඩසටහන නැරඹීමට පහත ලින්කුව ඔස්සේ සම්බන්ධ වන්න,

 

Social Sharing
අවකාශය පුවත්