පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දී තිබූ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පනත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනත පසුගියදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, ඒ අනුව එය නීතියක් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිමය පියවර සම්පූර්ණ කර ඇත.
පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙර විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති හෝ මේ වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටින යම් තැනැත්තකුට, එම දිනයේ සිට සහ එම දිනයෙන් පසු පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ලැබීම නතර වන බව සඳහන් වේ.
ගැසට් පත්‍රය පහතින්

