බන්ධනාගාර තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය ඉදිරියේ දී

මෙරට බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීමට පිළියමක් වශයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට කටයතු කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සමඟ කටයතු කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන් කළේය. ඒ අද දින පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදීය. ඒ අනුව එතුමා සඳහන් කර සිටියේ මෙරට බන්ධනාගාරවල පවතින ධාරිතාවය 10,500ක් වැනි ප්‍රමාණයක් වුවත් මේ වනවිටත් සිරකරුවන් 39,000ක් රටපුරා බන්ධනාගාරවල සිටින බවයි. ඉන් 28,000ක්ම වැරදිකරුවන් නොවන බවද ඔහු සඳහන් කළේය.

තවද අපරාධ නඩු හා සිවිල් නඩු ලක්ෂ 11කට අධික ප්‍රමානයක් පවතින බවත් ඒ  සඳහා පිළියමක් වශයෙන් නව අධිකරණ කිහිපයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවට එතුමා සඳහන් කළේය. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව නඩු කටයතු විභාග කිරීම වේගවත් කිරීම සඳහා දැනටමත් විශේෂ මහධිකරණයක් ස්ථාපිත කර ඇති බවටත් ඊට අමතරව අල්ලස් නඩු විභාග කිරීම සඳහා තවත් අධිකරණයක් ආරම්භ කළ බවත් සඳහන් කළ ඔහු පවසා සිටියේ තව සති දෙකක් ඇතුළත තවත් අධිකරණ හතක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වන අපද මින් පෙර මෙම බන්ධනාගාර තදබදයට පිළියමක් වශයෙන් නිවාස අඩස්සි ක්‍රමවේදය පිළිබඳව ලිඛිතව යෝජනාවක් ලෙස රජයට ඉදිරිපත් කෙරුණි. එවැනි පසුබිමක මෙම යෝජනාව දැන් හෝ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කිරීම පැසසුමට ලක් කළ යුතුය

මෙම බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා විසින් ලියූ  ‘බන්ධනාගාර තදබදය සහ වියදම අඩු කිරීම සඳහා තාක්ෂණය භාවිතය’ යන ලිපිය පහතින්…

බන්ධනාගාර තදබදය සහ වියදම අඩු කිරීම සඳහා තාක්ෂණය භාවිතය | රොහාන් සමරජීව

 

 

 

 

 

Social Sharing
නවතම පුවත්