අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත් කාලීන කිරීම පෙබරවාරි 20න් අවසන්

අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයතු මෙම මස 20 දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන ආකාරයට අනුව 2023 වසරේ අස්වැසුම වැඩසටහන සඳහා පළමු වරට ලියාපදිංචි වූ, මේ වන විට ප්‍රතිලාභ ලබන සහ ප්‍රතිලාභ නොලබන සියලුම පවුල් හා තනි පුද්ගලයින් මෙම යාවත්කාලීන කිරීම සිදු කළ යුතු බවත් එම ක්‍රියාවලිය මෙම මස 20 දා දිනෙන් අවසන් වන බවත්‍ ය.

තවද නැවත තොරතුරු සහතික කිරීමේදී පවුලේ සියලුම සාමාජිකයින්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය වන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

මෙම යාවත්කාලීන ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා ඔස්සේ සිදු කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා,

අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කර https://eservices.wbb.gov.lk වෙබ් අඩවියට පිවිස, QR පත්‍රයේ සඳහන් HH අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු පද්ධතියට ඇතුළු වී, “තොරතුරු සහතික කිරීම” මෙනුව ඔස්සේ පවුලේ තොරතුරු ඇතුළත් කළ හැකි බවද සඳහන් කර ඇත.

අන්තර්ජාල පහසුකම් නොමැති අය සඳහා,

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට පැමිණීමෙන්, හෝ

  • අදාළ ග්‍රාම නිලධාරීවරයා මගින් වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ අයදුම්පත්‍රයක් ලබාගෙන, එය පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයට භාරදීමෙන් මෙම කටයුතු සිදු කළ හැකි බවද මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

අස්වැසුම පළමු අදියරට අයත් සියලුම පවුල් හා පුද්ගලයින් මෙම වාර්ෂික යාවත්කාලීන කිරීම සඳහා සහභාගී වීම අනිවාර්ය වන අතර, එයට සහභාගී නොවන පවුල් සහ පුද්ගලයින් ඉදිරි වර්ෂයේදී අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබන අය ලෙස සලකනු ලබන බවද මණ්ඩලය අවධාරණය කරයි.

Social Sharing
Uncategorized නවතම පුවත්