වින්චි යොදා ට්‍රැක්ටර් මගින් මාදැල් ඇදීම පරිසර අපරාධයක් වෙන්නේ ඇයි? –


ට්‍රැක්ටර සහ ඒවායේ සවිකරන ලද වින්චි යොදාගෙන මාදැල් ඇදිමට අවසර ඉල්ලමින් ධිවර පිරිසක් කොළඹ උද්ඝෝෂනයක නිරතවෙනව දැක්ක. එතනට යන එන ඇතැම් දේශපාලඥයින් වගකිම් විරහිතව දේශපාලන වාසි වෙනුවෙන් මෙම ඉල්ලිම සාදාරනිකරනය කරන මුත් මෙම වැරදි පන්න ක්‍රමයේ බාවිතාව විසින් උද්ගත වන පාරිසරක හා සාමාජිය බලබැම සුලුපටු කාරනාවක් නොවෙයි.

මාදැල් පන්න ක්‍රමය ලංකාවේ සම්ප්‍රදායික් ධිවර කර්මාන්තයේ බොහෝ ඇතක සිට බාවිත වන පන්න ක්‍රමයක්. ලංකාව පුරාවට මාදැල් පාඩු 800 කට පමන අවසර ලබා දි තිබෙනවා. සාමුහික මිනිස් ශ්‍රමයෙන් වෙරලේ මුහුදු රළ නැගෙන රට‍ාවට අනුගතව ක්‍රමානුකුලව හා රිද්මයකට දැල ගොඩට ඇදිම තමයි සාම්ප්‍රදායික මාදැල් ධිවර කර්මාන්තයෙදි සිද්ද වුනේ. මෙසේ ඇදිමෙදි වුනත් වෙරලාශ්‍රිත කොරල් පර, මුහුදු පතුලේ ජෛව වාසස්ථාන වලට යම් හානියක් සිදුවුනත් මෙම කටයුත්ත සෙමනේ සිදුවන ක්‍රියාවලියක් නිසා හානියේ බලපැම තිරනාත්මක වුනේ නැහැ.

කෙස‍ේ වෙතත් පහුගිය වසර දහයක් පමන කාලසිමාවේ ධිවර විශය කරවු දේශපාලඥයින් පර්යේෂන මට්ටමින් ට්‍රැක්ටර් යොදාගෙන මා දැල් ඇදිම සදහා තාවකාලික අවසරයන් ලබාදිම මත ස්තාන කිහිපයක මහා පරිමානයෙන් වින්චි සහිත ට්‍රැක්ටර් යොද‍ා ගෙන මා දැල් ඇදිම ජනප්‍රිය වෙමින් තිබෙන අතර මෙම යාන්ත්‍රක මා දැල් ඇදිම හේතුවෙන් නොගැඹුරු මුහුදු පතුලේ මත්ෂ්‍යයින් ඇතුලු අනෙකුත් ජෛව ප්‍රජාවන්ගේ පාරිසරික පැවැත්මට දරුනු හානියක් සිදුවන බව නිර්ක්ෂනය කර තිබෙනවා.

ට්‍රැක්ටර මගින් මාදැල් ඇදිමෙදි කිලොමිටර දහයක පමන පරාසයක දැළ් එලිම සිදුවන අතරෙම සැලකිය යුතු සිඝ්‍රතාවයකින් දැළ වෙරලට ඇදිම සිදු වෙනවා. ඇතැම් විට දවසට කිහිප වතාවක්. මෙතනදි දැළ ප්‍රමානාත්මකව විශාල විම හා වේගයෙන් ගොඩට ඇදිම නිසා දැල ඇදිල එන්නේ නොගැඹුරු මුහුදු පතුලත් කලතවමින්. මේ නිසා මෙම ක්‍රමය සැලකෙන්නේ තහනම් පන්න ක්‍රමයක් වන Bottom trawling හෙවත් පහළ මුහුදු පතුලේ බර දැලක් දමා ඇදගෙන යන මසුන් අල්ලීමේ ක්‍රමයටමයි.
උතුරු මුහුදේ මන්නාරමට ඔබ්බෙන් ඉන්දියානු ධිවර යාත්‍රා කලක් .තිස්සේ ට්‍රොලර් යාත්‍රා යොදාගෙන සිදුකරන Bottom trawling මගින් එම කලාපයේ සාගර පරිසර පද්ධතින්ට සිද්දවි ඇති හානිය නිසා දිගින් දිගටම මත්‍ෂ්‍ය අස්වැන්න අඩුවිම පිලිබද බොහෝ පර්යේෂනයන් සිදුව තිබෙනවා.

නොගැඹුරු මුහුදු පතුලේ පරිසර විනාශය

Bottom trawling හො මෙවැනි යාන්ත්‍රික දැල් ඇදිමෙදි මුහුදු පතුලේ ඇති කොරල් පර, මුහුදු තෘණ බුමි, ඇල්ගී ශාක හා ඒ ආශි්‍රිත පතුලේ වෙසෙන සාගර ජිවින්       ඇතුලත් පද්ධතිය භෙෘතිකව විනාශයට ලක් වන අතරෙම එහි පරිසර විද්‍යත්මක ක්‍රියාවලින් අඩපන විම සුදු වෙනව. ඇතැම් මත්ෂ්‍යයින්ගේ සහ සාගර වාසි මොලුස්කාවන්ගේ අබිජනන භුමිය වන්නේත් මෙම මුහුදු පතුල ආශි්‍රත කලාපයයි. එම වාසස්ථාන විනාශ විම අවසානයේ මත්ෂ්‍ය අස්වැන්න ක්‍රමිකව පහළයැමට හේතුවන බව නොරහසක්.

ජීව විවිධත්වය අහිමි වීම

මෙම ක්‍රමය විසින්මුහුදු පතුලේ අවසාදිත සහිත ස්තරයේ මුහුදු ජිවින් ගේ ක්‍රියාකාරිතවය සම්පූර්ණයෙන්ම අඩපන කරන නිසාවෙන් එක් වරක් trawling කිරීමෙන් පමණක් පතුලේ ජීවීන්ගෙන් 40%ක් දක්වා විනාශ විය හැකි බව ඇතැම් පර්යේෂන පෙන්වාදි තිබෙනව.

 අවසාදිත පස් සහ රසායනික ක්‍රියාවලීන්ට බලපෑම

දැල් ඇදගෙන යාමෙන් පතුලේ සිදුවන කැලතිම මත ජලයේ බොරතාවය (turbidity) වැඩි වෙනව. එය ආලෝකය විනිවිද යැම බාදාකරවන අතර ප්‍රභාසංස්ලේෂන ක්‍රියාවලියට දුර්වල කිරිමට හේතුවක්. එමෙන්ම පසෙහි කාබනික ද්‍රව්‍ය, පෝෂක ද්‍රව්‍ය චක්‍රය න් නිසි ලෙස සිදුවන රසායනික ක්‍රියාවලිය අඩපන විම නිසා ස්වභාවික රසායනික සමතුලිතතාවය බිඳවැටෙනව.

පෝෂක චක්‍රය සහ පද්ධති ක්‍රියාකාරීත්වය

පතුලේ අවසාදිත පස බවට හරවන ජීවීන් (bioturbators) විනාශ වීම නිසා නයිට්‍රජන්, සිලිකේට් වැනි පෝෂක ද්‍රව්‍ය චක්‍රය දැඩි ලෙස අක්‍රිය විම අපේක්ෂා කල හැකියි. එමඟින් මුහුදු පත්තිරයේ ඔක්සිජන් භාවිතය සහ කාබන් පරිවර්තන ක්‍රියාවලිය ද අඩපන විම අපේක්ෂා කලහැකියි.

දිගුකාලීන හා නොවෙනස් විය හැකි බලපෑම්

කොරල් වැනි වාසස්ථාන නිර්මාණය කරන ජීවීන් නැවත ප්‍රතිසාධනය වීමට දශක ගණනාවක් ගත විය හැකියි. ඒ නිසා මෙවැනි පන්න ක්‍රම මගින් සිදු කරන විනාශය බොහෝවිට දිගුකාලීන හා කිසිදා සම්පූර්ණයෙන් නැවත සාමාන්‍යයට පත් නොවන හානි ඇති කරන බවයි පර්යේෂකයින්ගේ අදහස වන්නේ.

උපුටා ගැනීම කපිල මහේෂ් රාජපක්ෂ 

Social Sharing
අවකාශය පුවත්