පාර්ලිමේන්තුව විසංයෝජනය කිරීම – මහේෂ් හපුගොඩ

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු කතාවකදී අද බිමල් කියනවා ඔය ටෙක්ස් (text) එක ‘ඩිකොන්ස්ට්‍රක්ට්’ (deconstruct) කරලා බලන්න එතකොට තිරේ ඇතුලේ කතාව එළියට එයි කියලා. මම මේ කතාකරන්න හදන්නේ බිමල්ගේ කතාවේ අන්තර්ගතය ගැන හෝ අච්චුනා, මුජිබර්, චමින්ද විජේසිරි වර්ගයේ විපක්ෂේ කතාවක අන්තර්ගතය ගැන නෙවෙයි.

ඇත්තටම මට වැදුණේ පාර්ලිමේන්තුවේ කතාවල සංකල්ප සහ වචන භාවිතය ගැන.

මේක මාලිමාව අපිව, අපේ පාර්ලිමේන්තුව සහ අපේ රට සහ අපේ කතිකාමය සංස්කෘතිය තවත් තලයකයකට අරන් යාමක්. ඒක සුවිශේෂ ඇකඩමික – සංකල්පමය තලයක්. මේකම තමයි අර මළගෙදර කතාවලදී උනෙත්. ඒ හැම තැනකම මාලිමාව ප්‍රදර්ශනය කළා අපි උඹලගෙන් සදහටම වෙනස් වගේ පැල්මක් (split). මම ගොඩක් ආසයි ඒකට.

අච්චුනා, විජේසිරි, මුජිබර් වගේ මෙලෝ හසරක් නැති රැලකට මේක මරු පහරක්. වචන සහ සංකල්ප වලින් තමයි අපි එකිනෙකාගෙන් වෙනස් වෙන්නේ. සංස්කෘතිකමය වශයෙන් වගේම පංතිමය වශයෙන්.

අපි සහ උඹල කියල පැහැදිලිව කඩනවා මෙතනදී.

කොහොමත් අච්චුනාට නම් ස්වයං විනාශයක් කරා යන්න දීලා මාලිමාව බලන් ඉන්නවා වගේ මටනම් දැනෙන්නේ. මම ආසයි අර රනිල්ගේ ඩබල් ඩෙකර් එකේ උඩ ඉන්න චාමර සම්පත් මේ සංකල්ප අවබෝධ කරගන්න හැටි බලන්ඉන්න.

කුණුහරප කියපු පාර්ලිමේන්තුවක්, හාමුදුරුවරුන්ගේ කෝෂ මිරිකපු පාර්ලිමේන්තුවක්, පොත් වලින් ගහගත්ත පාර්ලිමේන්තුවක්, මිරිස් කුඩු ගහපු පාර්ලිමේන්තුවක් අද ඩෙරීඩාගේ විසංයෝජනය වගේ වචන කියන තැනක් බවට පත්කරලා තියනවා මාලිමාව. ඒක මේ සමාජය තවත් සම්භාව්‍ය තලයක් කරා විතැන් කිරීමක්. ඒක අභියෝගයක්. අතිශයින් බ්‍රෙෂ්ටියානු අභියෝගයක්.

අනික් උංට තියෙන්නේ පස්සෙන් එන්න. බැරි නම් මකබෑවෙන්න.

Social Sharing
අවකාශය පුවත්