
වළස්මුල්ල පොලිසිය විසින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කළ සිදුවීමක් වාර්තා වේ.
කිරඹ, නමනැළිය, උඩහගොඩ ප්‍රදේශයේ පදිංචි, දෙදරු පියෙකු වන දූණුවිලගේ සුසන්ත විජිත කුමාර නැමැති මෙම විශ්‍රාමික හමුදා නිලධාරියා, 2025 වසරේ ජුනි මාසයේදී වළස්මුල්ල පොලිසිය විසින් 54 වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු පවසා සිටින පරිදි, අදාළ දිනයේ උදෑසන වළස්මුල්ල පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකු ඔහුගේ නිවසට පැමිණ, පවුලේ සියලු දෙනා සතුව තිබූ ජංගම දුරකථන සන්තකයට ගෙන, පැය භාගයකට අධික කාලයක් නිවස සම්පූර්ණයෙන්ම සෝදිසි කර ඇත.
එහිදී වළ්ස්මුල්ල පොලිසීයේ සිටි ස්ථානාධිපති එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුගේ අනුදැනුම යටතේ එම ස්ථානයට පොලිස් නිල්ධාරීන් දෙදෙනෙකු ගෙන්වා ඇති බවත් එම නිලධාරීන් පැමිණීමෙන් අනතුරුව ස්ථානාධිපති විසින් “මත්ද්‍රව්‍ය අතින් දමල ගන්නා” ලෙස පවසමින් කා ලගද තියෙන්නේ යනුවෙන් ඉගියෙන් විමසුව බවත් සුසන්ත විජිත පවසා සිටියි.
මෙම සිදුවීම් සියල්ල නිවසේ ස්ථාපිත CCTV පද්ධතියේ දර්ශන සහ හඬ පටවල සටහන්ව ඇති බවද ඔහු කියා සිටියි. ඉන් අනතුරුව පැමිණුනු පොලිස් නිලධාරීන් දෙදෙනා නිවසට ඇතුළු වූ පසු, ඔහුගේ පුතාගේ කාමරයේ ඇඳේ මෙට්ටය යට තිබී මත්ද්‍රව්‍ය හමු වූ බව කියමින් එය සොයා ගත් බවත් සුසන්ත විජිත කුමාර පවසයි.එහෙත් විශ්‍රාමික හමුදා නිලධාරී සුසන්ත පවසා සිටින්නේ මිනිත්තු 30කට අධික කාලයක් නිවස පරීක්ෂා කළ අවස්ථාවේ හමු නොවු මත්ද්‍රව්‍ය මෙම නිලධාරීන් නිවසට පැමිණීමෙන් අනතුරුව හමුවූ බවයි.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් එම හමුදා නිලධාරියාගේ බිරිඳට පවසා ඇත්තේ ‘තමුන්ගේ පුතාට කෝල් එකක් ගන්නා’ ලෙසයි. එම අවස්ථාවේ ඇය සිය පුතාට ජංගම දුරකථනයෙන් අමතන අවස්ථාවේ ස්ථානාධිපති විසින් දුරකථානය බලෙන් රැගෙන තර්ජනාත්මකව පවසා ඇත්තේ මේ දැන් ගෙදරට එන ලෙසත් නාවොත් තාත්ත රැගෙන යන බවත්ය.
අනතුරුව සුසන්තගේ පුතා නිවසට නොපැමිණි හේතුව මත සුසන්ත ඇද සිටි සරම පිටින්ම පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට රැගෙන වලස්මුල්ල පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. සුසන්තගේ පුතා පොලිසියට පැමිණ භාර නොවී ඇති අතර විශ්‍රාමික යුධ හමුදා නිලධාරියා වන සුසන්තව අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඔහු දිග කලිසමක් ඇද සිටි බවත්, එය පරික්ෂා කිරීමේදී එම කලිසමේ ඉණ ප්‍රදේශයේ තිබූ අයිස් මිලි ග්‍රැම් 2300 සොයා ගත් බවට සාවධ්‍ය චෝදනාවක් ස්ථානාධිපති විසින් ගොණුකර 54 වගන්තිය යටතේ වරදක් සිදූකර ඇති බව දක්වමින් මෙම පුද්ගලයා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් මත මොහුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බව සුසන්ත විජිත කුමාර පවසා සිටියි.
මීට පෙරද, හෙරොයින් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යැවූ සාම්පල් 1500කට ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ නඩු සඳහා භාවිතා කර ඇති බව හෙළි වී තිබෙන අතර එවකට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් එවැනි අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම් නැවත සිදු නොවිය යුතු බවට සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබුණි.
ඔබට ගහන්නට බනින්නට නීතියට පිටින් ඔබ අත්තඩංගුවට ගන්නට, බොරු නඩු පවරන්නට කිසිවෙකුට අයිතියක් නැත. කිසියම් රාජ්‍ය නිලධාරියකු එසේ කරයි නම් එය ඔබේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමකි.
එවනි අයිතිවාසිකම් කඩවීමකදී ඔබට අවශ්‍ය උපදෙස් , මග පෙන්වීම හා නීති ආධාර ලබා ගැනිමට හම්බන්තොට දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්තානය අමතන්න.
