
කාන්තා හා ළමා කටයුතු විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට ක්‍රියාත්මක නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ඊයේ 26 වනදා පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, එහි අරමුණ වන්නේ කාන්තා හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිමය පද්ධතිය ශක්තිමත් කිරීමයි.
අනුමත කර ඇති යෝජනා අනුව,
- ළමයින්ට එරෙහි සයිබර් අපරාධ පාලනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දීමට තීරණය කර ඇත.
- “ළමා අයිතිවාසිකම් පනත” ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුගතව නමින් නව පනතක් හඳුන්වා දීම.
- 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ඉවත් කර, ඒ වෙනුවට නව පනතක් හඳුන්වා දීමටත් තීරණය කර ඇත.
- කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීමටද යෝජනා වී ඇත.
එමෙන්ම, පහත සඳහන් නීති සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත
- 1939 අංක 48 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත
- 1941 අංක 24 දරන ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥාපනත
- 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත
මෙම නව නීති හා සංශෝධන මඟින් ළමා හා කාන්තා අයිතිවාසිකම් වඩාත් ප්‍රතිශක්තිමත් වන අතර, නව යුගයේ අභියෝගයන්ට මුහුණ දීමට හැකි නීතිමය ව්‍යුහයක් ගොඩනැගීම රජයේ අරමුණ බව සඳහන් වේ.
