
1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ දිවයිනේ සියලු ළමා අපයෝජන නඩු නියාමනය කිරීමයි. නමුත්, ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් ඉල්ලූ තොරතුරු තමන්ගෙ “සන්තකයේ, භාරයෙ සහ පාලනයෙ නැත” කියලා මග හැරපු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු දැනගැනීමේ කොමිසම විසින් දුන්නු ඓතිහාසික නියෝගය අනුව මෙම විස්තර මේ වන විට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙබ් අඩවියෙ පලකර ඇත.
ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන Stop Child Cruelty Trust පවසන්නේ “මෙය ඇත්තටම මාර සටනක් කරලා, වසර ගාණක් පන්න පන්නා ලබා ගත්තු ජයක්. නමුත් අපි හිතන්නෙ තවත් කරුණු ජනතාව දැනගත යුතුයි.. ඒ අනුව පැමිණිල්ල ගොනු කල දිනය, පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, අධි චෝදනා ඉදිරිපත් කල දිනය සම්බන්ද විස්තරත් ලැබුනොත් පැහැදිලිව සිදුවී ඇති අඩුපාඩු හොයාගෙන අවශ්‍ය සියලු පුහුණුවීම් සහ ප්‍රතිපාදන ලබා දීමෙන් නඩු ඉක්මන් කල හැකියි.
වින්දිත දරුවන්ගෙ විස්තර ලබා දෙන්න බෑ, චූදිතයින්ගෙ විස්තර ලබා දෙන්න බෑ, නඩු අංක ලබා දෙන්න බෑ. දැනට NCPA එකේ පැමිණිලි 40,000+ ක් හිර වෙලා. නීතිපති එකේ ගොනු 4000+ ක් හිර වෙලා. නඩු 4000+ අධිකරණයෙ හිර වෙලා. ඔබේ දරුවන්ට දායාද කරන්න බලාපොරොත්තු වෙන රට වෙනුවෙන්, පැතූ වෙනස වෙනුවෙන් හඬක් නගන්න” යැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි..



මෙම විස්තර සහිත ලින්කුව 👇🏽
