
එක් ලක්ෂ අසූ දහසක් පමණ ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසකගේ රැකියා කෘත්‍රිම බුද්ධිය (AI) හේතුවෙන් දැඩි තර්ජනයකට පත්වී තිබෙන බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක් ඔස්සේ පෙන්වා දී ඇත. ඒ අනුව ලිපිකරුවන් හෝ ලිපිකරු සහායක ආදී රැකියා කරන සේවකයන් 179,290ක් මෙම කොටසට අයිති බවත් එම අධ්‍යයනය ඔස්සේ පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සමස්තයක් ලෙස ශ්‍රී ලාංකික වෘත්තිකයන් මිලියන 1.83ක පමණ රැකියා කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් තර්ජනයට ලක්වී ඇති අතර කෘෂිකර්මය සහ වෙළෙඳාම යන ක්ෂේත්‍රවල සේවකයන් බහුතරයක් මීට ඇතුළත් බව කියයි.
මෙම රැකියා තර්ජනය පැමිණ තිබෙන්නේ නිර්මාණිත කෘත්‍රිම බුද්ධිය ඔස්සේ වන අතර එය ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිකයන් අතරින් 22.8%ක් පමණ ප්‍රතිශතයක් බව එම ආයතනය පෙන්වා දෙයි.
