ආණ්ඩුව කුමක්ද යන්න වැදගත් නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකල යුතුමයි. – ආචාර්ය සුජාතා ගමගේ

ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සඳහන් කරන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නිරන්තරයෙන් සිදු කළ යුතු ක්‍රියාවලියක් බවයි. ඒ අනුව ඇය පවසන පරිදි රජයන් මාරු වූවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවැතීම සිදු නොකළ යුතු බවයි. තවද ඇය පවසා සිටින්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් කොටස් ත්‍රිත්වයක් පවතින බවයි. එනම් විෂයන් මාලාවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියන් ප්‍රතිසංස්කරණය කිරීමත්, පරිපාලන ව්‍යූහයේ සිදුකළ යුතු වෙනස් කිරීම් හා ප්‍රතිපාදන හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීයන්ය.

එහෙත් ඇය පවසන ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් ත්‍රිත්වයෙන් විෂය මාලාවල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අනිවාර්යෙන් සිදුකළ යුතු බවයි. තවද මෙම ප්‍රතිසංස්කරණයන් අනිවාර්‍යෙන් වසර අටෙන් අටට සිදුකළ යුත්තක් බවයි. මෙම රජය බලයට පත්වන විටත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බොහෝ සේ ප්‍රමාද වී ඇති බව පෙන්වාදෙන ඇය තවදුරටත් පවසන්නේ මෙය හුදෙක් අගමැතිනි ආචාර්‍ය හරිණි අමරසූරියගේ උවමනාවක් මත සිදුවන කාර්‍යක් නොව රජය කුමක් වූවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනිවාර්‍යෙන් සිදුකළ යුතු ක්‍රියාවලියක් බවයි. ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මේ අයුරින් සිය අදහස් පවසා සිටින්නේ Midpoint tv යූටියුබ් චැනලය සම්ඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ය.

එම සම්මුඛ සාකච්ඡාව පහතින්

Social Sharing
අවකාශය නවතම පුවත්