ආණ්ඩුව අර්බුදය හංගනවා, නැතිනම් ඇත්ත අර්බුදය දැක නෑ! –  ජවිපෙ

මෙවර ඉදිරිපත් වුයේ ජනතාවගේ ජිවත් වීමේ අර්බුදයට පිලිතුරු ජනතාවම සොයා ගන්න ජනතාව පිට අර්බුදය  පටවපු, ආණ්ඩුවේ ගැලවීමට යෝජනා ඉදිරිපත් කරන ආණ්ඩුවට උත්තර නැති අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ රටේ ජනතාව කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී, ජීවත් වීමේ අර්බුදයකට ලක් වී සිටි අවස්ථාවක්, එමෙන්ම ආර්ථික කටයුතු අඩාල වෙලා එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමේ බැරි අවස්ථාවක් වු බැවින් ජනතාව මේ අයවැයෙන් වඩාත් බලාපොරොත්තු වුයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන කෙටි කාලින යෝජනා සහ දිගු කාලින, ස්ථාවර ඉදිරි ආණ්ඩුවේ දැක්මක් ඉදිරිපත් වේ යැයි නමුදු ඉදිරිපත් වුයේ සාම්ප්‍රදායික අය වැයක්ම බව ඔහු පවසයි.

රුපියල් බිලියන 3500 ක පමණ මුදල් වියදම් කිරීමට බලාපොරොත්තු වන බව අය වැයෙන් ප්‍රකාශ කළත් ඒ වියදම් කරන මුදල් උපයා ගැනිමට කිසිවක් ප්‍රායෝගික යෝජනා ඉදිරිපත්  වී නැති අයවැයක් ලෙස මේ අයවැය පෙනෙන බවද හෙතෙම කියයි.

මේ පවතින ක්‍රමය ඉදිරියට ගෙන යද්දී  ණය අර්බුදය ඉදිරියේ ආණ්ඩුවේ අසරණකම, නොහැකියාව පේන අයවැයක් බවත්, ණය අර්බුදයට විසඳුම මෙහි පේන තෙක් මානයේ නොමැති බවද සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

රටේ ඇත්ත අර්බුදය ආණ්ඩුව ජනතාවට හංඟන බවත් නැතිනම් ඇත්ත අර්බුදය ආණ්ඩුව දැක නැති බව් මේ අයවැයෙන් පෙන්නුම් කරනවා යැයිද ඔහු පවසයි.

Social Sharing
නවතම