
පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම හා කෲර ලෙස වද හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර හතක සිර දඬුවමක් නියම කර ඇත. ඒ අනුව මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බවට වාර්තා වේ.
වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයා 2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේ සේවය කරන අතරවාරයේ මෙසේ පුද්ගලයාට පහර දී තුවල සිදු කර ඇති අතර ඒ අනුව මෙලෙස සිර දඬුවම් නියම වූයේ මේ වන විට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුට වේ.
මේ අනුව එම වරදකරුට වසර 7ක සිර දඬුවමට අමතරව රු. 10,000/- ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවම් ද නියම කර ඇත.
