පොලීසිය ගැහුවද? ලයිට් කණු උඩ නැගලා ජීවිතේ අවදානමට ලක්කරගන්න එපා. මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයකට එන්න

කැලනි විහාරස්ථානයේදී තමන් අත්අඩංගුවට ගෙන පහර දී වධහිංසනය පැමිණවූ බව පවසමින්, යුක්තිය ඉල්ලා පුද්ගලයකු ගාලු මුවදොර පිටිය අසල විදුලි කණුවකට නැග ගෙලට තොණ්ඩුවකුත් දමාගෙන විරෝධය පළ කළ සිද්ධියක් හිරු මාධ්‍ය‍යෙන් අනාවරණය කෙරිණි. එමගින් ඔහු තම ජීවිතය අවදානමේ හෙළාගත්තා පමණක් නොව, පොලිසිය, ගිනි නිවන හමුදාව ආදී තවත් රාජ්‍ය ආයතනවල කාලය, ශ්‍රමය හා සම්පත් නාස්තියක් ද කළා. මේ සිද්ධිය නිසා තවත් බොහෝ දෙනා කරදරයට පත් වුණා.

අවසානයේදී ප්‍රශ්නය සමථයකට පත්කරගත්තා. ඔහුට සාධාරණය ඉටු කරන බවට ජ්‍යේෂ්ට පොලිස් නිලධාරීන් පොරොන්දු වුණා. මෙම තරුණයා මෙම විරෝධතාව හරහා නීති උල්ලංඝනයක් කර තිබෙන නමුත්, ඔහුගේ මානසික තත්වය සලකා බලා ඔහුට සහනයක් ලබාදෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.
මෙවැනි තත්වයකට ඔබට මුහුණ දෙන්නට සිදු වුණොත්, මොකක්ද කරන්නට ඕනැ?

වධහිංසනය කියන්නෙ ඔබේ අභිමානයට, මානසික තුලනයට බලපාන කාරණයක්. එවැනි දෙයක් වුණාම ඔබ කම්පනයට පත්වෙනවා. කරකියාගන්නට දෙයක් නැති වෙනවා. ඔබට මේක කියන්නට කෙනෙකුත් නැති වෙන්නට පුළුවන්. අහන අයට මේක තේරෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. ඔවුන් ඔබ සමග සහකම්පනීය වුණත්, ඔවුන්ටත් කළ යුතු දේ නොතේරෙන්නට පුළුවන්. එක කරදරයක් මදිවට තවත් කරදර ගොඩකට කරගහන්නට අකැමැති වෙන්නත් පුළුවන්.

ඒත්, ඔබේ වේදනාවට සහනයක් අවශ්‍යයි. ඔබට යුක්තිය අවශ්‍යයි. ඔබ වැරැද්දක් කළත්, ඔබට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා මිස, ඔබට වධහිංසනය පමුණුවන්නට පොලිසියට බලයක් නැහැ. කුමන තත්වයක් යටතේ වුණත්, පොලිසිය හෝ වෙනත් ආයතනයක් ඔබට වධහිංසනය පැමිණුවා නම්, ඔබට රජය සහනයක් ලබා දිය යුතුමයි.
කොහොමද ඒ සහනය ලබාගන්නෙ? ඒ සඳහා මාර්ග තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පමණක් නොවෙයි මේ රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඔබට සහාය වෙන්නට බැඳී සිටිනවා.

ඉතින් කොහොමද ඒක කරගන්නෙ? ඒකට ඔබට උදව් අවශ්‍යයි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ජාලය තියෙන්නේ ඒකටයි. ඔබට කිට්ටුම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට කතා කරන්න. නැතිනම් කොළඹ, පොල්හේන්ගොඩ පිහිටා ඇති රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්‍යාලයට කතා කරන්න.  ඔවුන් ඉන්නෙ ඔබේ උදව්වට තමයි. ඒ වෙනුවෙන් පුහුණුව ලබපු මානව හිමිකම් ආරක්ෂක ජාලයක් ඔවුන් සතුව තිබෙනවා. ඔවුන් ඒ අය සමග ඔබව සම්බන්ධ කරාවි.

කොළඹ කාර්යාලය: අංක 4/71, 4වන පටුමග, තලකොටුව උද්‍යානය, පොල්හේන්ගොඩ, කොළඹ 5

දුරකථන අංකය: +94 11 2669100

මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන 

ගම්පහ – 0777 883 741

ආනමඩුව – 0768 182 359

කුරුණෑගල – 0768 182 358

ගාල්ල – 0776 969 880

මාතර – 0768 182 355

හම්බන්තොට – 0769 692 424

දෙනියාය – 0777 883 730

අනුරාධපුර – 0768 182 357

බදුල්ල – 0768 692 424

මොනරාගල – 0775 399 353

හැටන් – 0761 366 920

කන්තලේ – 0761 366 919

මතුගම – 0761 380 595

ඉමදුව – 0760943638

ගම්පොළ – 0767092197

මඩකළපුව – 0743280836

යාපනය – 0765487564

ත්‍රිකුණාමළය – 0761023794

කහටගස්දිගිලිය – 0762536546

කෑගල්ල – 0773054910

වවුනියාව– 0742686456

මන්නාරම – 0767170837

Social Sharing
පුවත්