
2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත 4 වැනි වගන්තිය අනුව, ව්‍යසන වැළැක්වීමට හා ලිහිල් කිරීමට අදාළ වැඩසටහන් ආරම්භ කිරීම සහ සහන, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සැලසීම මුලුමනින්ම අයත් වන්නේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පනත උපුටා දක්වමින් පෙන්වා දෙයි.
පනතේ 16 සිට 18 දක්වා වගන්ති වල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ අරමුදල් එකතුකිරීම සහ පවත්වාගෙන යාමේ බලය ඇත්තේ සභාවට බවය. එමෙන්ම 18 වන වගන්තියෙන්, අදාල අරමුදල් විගණනය කල යුතු බව නියම කර ඇත.
ඒ අනුව කිසිඳු බාහිර පාර්ශවයකට ව්‍යසන කළමනාකරණයට හෝ පුනරුත්ථාපනය සඳහා රාජ්‍යය වෙනුවෙන් අරමුදල් එකතු කිරීමට හෝ පරිපාලනය කිරීමට කිසිදු නෛතික බලයක් නොමැත.


Sri Lanka Disaster Management Act No. 13 of 2005 pdf
