
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු මෑත කාලයේදී තොග ගණනින් ප්‍රතික්ෂේප වන තත්වයක් තිබෙන බවත්, එම නඩු විභාග කරන විනිශ්චය මණ්ඩලයට සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් පත් නොකරන බවක් පෙනෙන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, පසුගිය නොවැම්බර් 17 වැනිදා 2026 අයවැය කාරක සභා අවස්ථාවේ අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමිනි.
මහාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමේදී ලකුණු ලබාදෙන පිළිවෙළ සම්බන්ධයෙන් දිසා විනිසුරුවරුන්ට දැනගන්නට ක්‍රමයක් නැති බවත් එම ලකුණු ලබාදීමේ පිළිවෙළ ඔවුන් දැනගැනීමට අවශ්‍ය බවත් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් පැවසීය.
එම විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා එම කරුණු ගැන කළ සම්පුර්ණ ප්‍රකාශය පහත දැක්වෙයි.;
‘ශ්‍රේෂ්ඨාධිකරණය තුළ විශාල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු මෑත කාලයේ දිගින් දිගටම ඉදිරියට ගෙනයාමට අවසර නොදී තොග ගණනින් ප්‍රතික්ෂේප වෙනවා.
ඒක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. මූලික අයිතිවාසිකම් නඩු වලින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය භාවිතකරන ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසියන්ගේ අවසාන බලාපොරොත්තුවයි. මේ නඩු තොග ගණනින් ප්‍රතික්ෂේප වීම සාමාන්‍ය නැහැ. ඒක විශේෂ දෙයක්.
ඒ වගේම තව දෙයක් නිරික්ෂණය වෙනවා. මේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විභාග කරන්නේ, ලීව් ටු ප්‍රොසීඩ් දෙනවාද කියලා විභාග කරන්නේ බොහෝ විට එකම විනිශ්චය මණ්ඩලයක්. සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ව ඒ විනිශ්චය මණ්ඩල වලට පත් කරන්නේ නැති බවත් පෙනෙනවා. ‘ මම අධිකරණ ඇමති, මට කරන්න දෙයක් නැහැ. ඒක සම්පුර්ණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලයක්,’ කියලා අහක බලාගෙන ඉන්න පුළුවන්කමක් නැ ආණ්ඩුවකට. මේ පාර්ලිමේන්තුව තුළ අපි ඒ ගැන කරුණු දැක්වුවාම අපි කියන කරුණු සත්‍යද, එහෙම දිගින් දිගටම මූලික අයිතිවාසිකම් නඩු නිෂ්ප්‍රභ කිරීමේ ප්‍රවණතාවක් තියෙනවාද, සමහර විනිශ්චයකාරවරුන්ව මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු තීරණය කරන විනිශ්චය මණ්ඩල වලට ඇතුළත් නොවෙනවාද, ඒ කේ අමුත්තක් තියෙනවාද, නැද්ද කියලා සොයලා බැලීමේ වගකීම මේ ආණ්ඩුවට තිබෙනවා.
දිසා අධිකරණයේ විනිශ්චයකාරවරු 35 දෙනකු පමණ අතරින් නඩු නිෂ්ප්‍රභ කිරීමේ ප්‍රවණතාවක් තියෙනවාද, සමහර විනිශ්චයකාරවරුන්ව මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු තීරණය කරන විනිශ්චය මණ්ඩල වලට ඇතුළත් නොවෙනවාද, ඒ කේ අමුත්තක් තියෙනවාද, නැද්ද කියලා සොයලා බැලීමේ වගකීම මේ ආණ්ඩුවට තිබෙනවා.
දිසා අධිකරණයේ විනිශ්චයකාරවරු 35 දෙනකු පමණ අතරින් මතය නොව, යම් ක්‍රම වේදයක් තිබිය යුතුයි. විනිවිද භාවයක් තිබිය යුතුයි. ඒ විනිවිදභාවය නැති නිසා තමයි මේ ප්‍රශ්නය මතුවුණේ. විශාල විනිසුරුවරුන් සංඛ්‍යාවකගේ ජ්‍යෙෂ්ඨත්වය නොතකා පත්වීම් කළා. ඒ නිසා අසහනයක් ඇතිවෙලා තියෙනවා. අසහනයක් නැතිය කියලා කියන්න බැහැ. අවසානයේදී මහාධිකරණ විනිසුරුවරුන් පත්කරන්නේ ජනාධිපතිතුමා. නිර්දේශ කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. මේ ක්‍රියාදාමය විනිවිද භාවයකින් යුතුව ක්‍රමවත්ව සිදුවිය යුතුයි. සරලව ලකුණු දෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනෑ.
