“අධි­ක­රණයට ඇඟිලි නොගැ­සී­මෙන් වංචා හා දූෂණ දර්ශ­ක­ව­ලින් ඉදි­රි­යට ඇවිත්”- අධි­ක­රණ ඇමැති

අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර

රටේ ස්වාධීන අධි­ක­රණ පද්ධ­ති­යට අන­වශ්‍ය ලෙස දේශ­පා­ලන මැදි­හත් වීම් නොකි­රීම හේතු­වෙන් මානව හිමි­කම්, වංචා හා දූෂණ දර්ශ­ක­ව­ලින් ඉදි­රි­යට පැමිණ තිබෙන බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (17) ප්‍රකාශ කළේය.

විස­ර්ජන පනත් කෙටු­ම්පත (2026) අය-වැය කාරක සභා අව­ස්ථාවේ විවා­ද­යට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය. විදේශ කට­යුතු විදේශ රැකියා හා සංචා­රක අමා­ත්‍යාං­ශයේ සහ අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශයේ වැය ශීර්ෂ සම්බ­න්ධ­යෙන් මේ විවා­දය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් හර්ෂණ නානා­ය­ක්කාර මහතා මෙසේද පැව­සීය.

ගුරු­ව­රුන්ට ලැබෙන මුදල ප්‍රමා­ණ­වත් නැහැ කියන්න දන්නවා. එය ප්‍රමා­ණ­වත් ලෙස වැඩි කරන්න මේ වන­විට සාකච්ඡා සිදු­වෙ­නවා. ඔවුන්ගේ වෘත්තී­ය­භා­වය සම්බ­න්ධ­යෙන් සලකා බැලිය යුතුයි. අධි­ක­රණ ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙ­නවා. ඩිජි­ටල් පද්ධ­ති­යක් නොමැ­ති­වීම, බන්ධ­නා­ගාර තද­බ­දය ආදිය තිබෙ­නවා. කාල­යක් තිබුණු ප්‍රශ්න විස­ඳන්න පිය­වර ගන්නවා. අපි ජාත්‍ය­න්තර වශ­යෙන් දූෂ­ණය නොමැ­ති­වීමේ දර්ශ­ක­යට අනුව 63 වැනි ස්ථානයේ සිට 61 දක්වා පැමිණ තිබෙ­නවා. මානව හිමි­කම් දර්ශ­කයේ 86 සිට 85 දක්වා පැමිණ තිබෙ­නවා. මානව හිමි­කම් ආරක්ෂා කිරීමේ ඉදි­රි­යට පැමිණ තිබෙ­නවා. අධි­ක­ර­ණයේ හා විග­ණ­නයේ ස්වාධී­න­ත්වය පෙන්නුම් කරන දර්ශ­කයේ 76 සිට 68 දක්වා ඉදි­රි­යට පැමිණ තිබෙ­නවා. අපේ රටේ පුර­වැ­සි­යන් ලෝකයේ ඉදි­රියේ නැව­තත් පිළි­ගැ­නීමේ තත්ත්ව­යක් නිර්මා­ණය කර­නවා. පසු­ගිය වසරේ දී අධි­ක­රණ ක්ෂේත්‍ර­යට විශාල මුද­ලක් වෙන් කළා. මෙවර රුපි­යල් බිලි­යන 58.5ක මුද­ලක් වෙන්කර තිබෙ­නවා.

මේ අභි­යෝ­ගා­ත්මක අව­ස්ථාවේ වුවද 2871ක් බඳවා ගන්න අනු­මැ­තිය දී තිබෙ­නවා. අධි­ක­ර­ණ­යට සහ බන්ධ­නා­ගා­ර­යට එම බඳවා ගැනීම කර­නවා. අධි­ක­රණ අමා­ත්‍යාං­ශය අප­රාධ නීතිය, සිවිල් නීතිය සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තු­වට ප්‍රති­පත්ති ඉදි­රි­පත් කර­නවා. නීති ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන්ගේ උප­දෙස් අනුව කට­යුතු කරන්නේ නොමැති නම් ගැටලු ඇති වෙනවා.

Social Sharing
අවකාශය නවතම