
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු දෙකක් මත අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරුවෙකු කන්දෙකැටිය පොලිස් භාරයේ සිටියදී අසනීප වී කන්දෙකැටිය ප්‍රාදේශීය රෝහලේ සිට මහියංගන මූලික රෝහලට ඉරිදා (නොවැම්බර් 2) රාත්‍රියේ මාරු කිරීමෙන් පසු මිය ගියේය.
මියගිය නවරත්න මුදියන්සේලාගේ අජන්ත පුෂ්පකුමාර, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) මහියංගන මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
මීට ඉහතදීද, බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී.
මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක් බවට අධිචෝදනා ඉදිරිපත් කරමින් ඒවකට කන්දකැටිය පොලීසියේ සේවය කළ පොලිස් නිළධාරීන් හය දෙනෙකුට එරෙහිව (නඩු අංක 01/2015) නීතිපතිවරයා විසින් බදුල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබුනි.
2017 ජනවාරි 09 වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ඉහත පොලිස් නිලධාරීන් 6 දෙනාම වරදකරුවන් කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව මරණීය දණ්ඩනය ලබා දෙන ලදී.
පසුව කන්දකැටිය සදුන් මාලිංග ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය හිමිව සිටි චූදිතයින් නිදොස්කොට නිදහස් කර ඇති අතර, උප පොලිස් පරීක්ෂක වරයකුගේ දඬුවම වසර 7 දක්වා අඩුකර තිබේ.
සඳුන් මාලිංග සිදුවීම පහතින්…
