ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව නීතිඥවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සැඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන්ය.

වෙඩික්කරුට නීතිඥවරයෙකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුලු වීම සඳහා නීතිඥවරුන් පළඳන ටයි පටි දෙකක් සහ රිවෝල්වරය සඟවාගෙන යාමට අපරාධ නඩුවිධාන සංග්‍රහය ඇතුලු අණපනත් සහිත පොත් දෙකක් ඇය ලබාදී ඇති බව පොලිසිය පවසනවා.

එසේම නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශනය කිරීමට භාවිත කරන අවසර පත්‍රයක් හා නීතිඥ සංගමය නිකුත් කළ නීතිඥ හැඳුනුම්පතක් ද ඇය ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි නීතිඥවරියක් වන අතර, ඇය පැය 72ක් රඳවා තබා ගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පැවසේ. මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Social Sharing
නවතම පුවත්