අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලික සමාගමක කළමණාකරුවෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරීමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අදාළ පුද්ගලයා කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් ද සකස් කරමින් මෙසේ රජයේ නිලධාරීන්ගේ රාජකාරී සඳහා බාධා කර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙවැනි ආකාරයට ව්‍යාජ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කර හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් ක්‍රියා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටී.

Social Sharing
නවතම පුවත්