ලක්මාලි සහ සුමංගල හිමි, නීතිය සමානද ? – රජිත් කීර්ති තෙන්නකෝන්

ලක්මාලි මන්ත්‍රීතුමියත්, වටගල ඇමතිතුමාත් රැස්වීමක කතා කරන්නේ නාරාහේන්පිට දාඹ‍රේ මාවතේ තියෙන මාර්ග සංවර්ධන අධිකාරියේ ඉඩමක පදිංචිකරුවන් මුහුණ දෙන ආරවුලකට අදාළ නඩු තීන්දුවක් පිළිබඳවයි.

බේස්ලයින් පාර ඉදිකරන විට අවතැන් වූ පිරිසට නිවාස සාදා දී ඉතිරි වූ ‍ඉඩම් කොටස් 12 ක් තියෙනවා. එහි පවුල් 7 ක් (අවතැන් වූවන්ම තමයි) පදිංචිව ඉන්නවා. මේ අය ඉවත් කිරීමට නඩුවක් පවරා ඉවත් කිරීමේ නියෝගය නිකුත් කරලා තිබුණා.

2024 අප්‍රේල් 6 හෝ ආසන්න දිනයක මේ නියෝගය ක්‍රියාත්මක කරන්නට බැකෝ බුල්ඩෝසර් අරගෙන උසාවි නිලධාරීන් පැමිණෙනවා. එයට ගම්වාසීන් ද, ගමේ පන්සලේ නායක හිමියන් වන පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් ද මේ ගෙවල් කඩා බිදදැමීමට විරෝධය පළ කරනවා.  උසාවියේ පිස්කල් නිලධාරියා මේ කරුණ අධිකරණයට වාර්තා කළ පසුව 2024 අප්‍රේල් 21 දින විහාරාධිපති හා ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමියන් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගනු ලබනවා.  අත්අඩංගුවට පත් වූ පිරිස අතර හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන දේවිකා සහ සුනන්ද යන අයත සිටිනවා. සුමංගල හිමියන් දින 4 ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත ව සිටියා. දැන් ඔවුන් හත් දෙනෙකුට වත් බලහත්කාරය සහ තවත් චෝදනා දෙකක් එල්ලවෙනවා. දැන් ඒ නඩුවත් විභාගගෙවනවා.

ප්‍රශ්නය තියෙන්නේ උසාවි නියෝගයට අනුව කඩා බිඳ දැමීම සිදුවන්නේ නම් මේ පවුල්ටිකට යන්න එන්න නැති කමයි. ආසන්නයේ පාසල්වලට යන දරුවෝ මේ අතර ඉන්නවා. අන්ත දිළිඳු පුද්ගලයින්.

සුමංගල හිමියන් හා දේවිකා-සුනන්ද ඇතුළු පිරිස සිදු කළ බලහත්කාරය පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි සිදු කල බලහත්කාරයට වඩා වෙනස් දැයි දන්නේ අධිකරණයයි.  දායකයින් – ඡන්දදායකයින් වෙනුවෙන් කතා කිරීමට වඩා අඩු වරදක් ලක්මාලි මන්ත්‍රීතුමිය

ගේ කටින් පිටවුණු වදන්වල ඇතිදැයි ද මට අදහසක් නැත.

ලක්මාලි මන්ත්‍රීතුමිය සිදු කළ ප්‍රකාශය ගැන උසාවියට කරුණු වාර්තා කළ යුතු ද? නැති ද? යන්න ගැන  දේශපාලන දෘෂ්ඨියකින් මම කරුණු කියන්න අකමැත්තෙමි.

හැබැයි, දැනටම මේ සිද්ධියට මැදිහත් වෙලා, පොලීසිය බැකෝ, ඩෝසර් එක්ක අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආපු වෙළාවේ,  ‍ගෙවල් කඩන්න ඉස්සර යන්න තැනක් දෙන්න කිව්ව එකේ චෝදනාවට ගමේ පන්සලේ හාමුදුරුවෝ ඇතුළු 7 ක් රිමාන්ඩ් කරලා තිබුණා නඩු දාලා තියෙනවා.

නීතිය සැමට එක හා සමාන ලෙස ක්‍රියාත්මක නම් එක්කෝ ලක්මාලි මන්ත්‍රීතුමියටත් ඒ චෝදනාවම එල්ල වෙන්න ඕනි. නැතිනම්, තමන්ට දානය දුන් මිනිස්සු වෙනුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත වුණු සුමංගල හිමියන් ට, තම ඡන්දදායකයින් වෙනුවෙන් එතැනට ගිය දේවිකා සහ සුනන්ද හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 7 දෙනාට දාපු නඩුවත් අයින් කරන්න ඕනි.

යුක්තිය සාධාරණත්වය පැත්තෙන් ගත්තාම නම්, ලක්මාලි-සුමංගල-දේවිකා-සුනන්දට නඩු අහනවාට ඉස්සර වෙලා මේ පවුල් 7 ක් (හෝ 12කට) ජීවත් වෙන්න තැනක් දෙන්න ඕනි. නීතිය ඉටු වෙනවාද – නැවෙනවද බලමු. යුක්තිය ඉටුවෙනවාදැයි බලමු.

Social Sharing
නවතම පුවත්