
මේ වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් 30දා දක්වා කාලය තුළ මෝටර් රථ 37,115ක් සහ යතුරුපැදි 160,590ක් අලුතින් ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ. “විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2025 අගෝස්තු” මැයෙන් ප්‍රසිද්ධ කර ඇති එම දත්තවලට අනුව මෙම වසරේ අගෝස්තු මාසය සඳහා පමණක් වාහන ආනයනය වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 249 කි.
එමෙන්ම, වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු වසරේ වැඩිම මෝටර් රථ ලියාපදිංචි කිරීම පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුකර ඇති අතර එම වාහන සංඛ්‍යාව 10,221කි. මේ අතරින් එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථ ප්‍රමාණය සහ ඉලෙක්ට්‍රික් වාහන ප්‍රමාණය 6,461කි. සැප්තැම්බර් මාසයේ යතුරුපැදි ලියාපදිංචි කිරීම ද ඉහල ගොස් ඇති අතර එම ප්‍රමාණය 32,845කි.
මේ අතර මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා වූ පළමු මාස අටක කාලයේ දී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු වෙනුවෙන් යොදාගන්නා වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 918 ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි.
විදේශ ප්‍රේෂණ ලැබීම්වල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර ඇති බව කියන එම දත්ත, අගෝස්තු මාසයේ දී විදේශ සංක්‍රාම ඩොලර් මිලියන 681 දක්වා සියයට 17.9 කින් ඉහළ ගොස් ඇති බවත් 2024 වසරේ මුල් මාස අටක කාලය සමග සැසඳීමේ දී 2025 වසරේ සමාන්තර කාලයේ දී එම ආදායම් සියයට 19.3 කින් වැඩි වී ඇති බවත් පෙන්වා දෙයි.
