ආයෙත් හමුවෙමු සාලිය !  දිගු ඇසුරකට., – කුමාරි ප්‍රනාන්දු

සාලිය, මට හමුවූයේ..නිදහසේ වේදිකාවේ ක්‍රියාකාරී වූ අවදියේයි..ඒ 2010, 2012 අතර කාලවකවනුව විය හැක. පුත්තලම් දිස්ත්‍රික් සාකච්ඡා සංවිධානය කළ අතරවාරයේ වෙන්නප්පුවේ පැවති හමු දෙකකට හෝ තුනකට ඔහු පැම්ණියේය.

ඒ හමුවීමේදි අපි අතර සිදුවු කෙටි සුවදුක් විචාරයේදී, සාලිය මොකද කරන්නේ ? කියා මා විමසුවෙම්. එවිට සාලිය ‘ මම උගන්වනවා යැයි කිවේය.  පෙරලා මම ” කොයි ඉස්කෝලෙද ? යනුවෙන් ඇසුවෙමි. සාලිය කිවේ නෑ ඉස්කොලෙක නෙමේ , මම තෝරාගත් පිරිසකට පන්ති කරනවා කියායි.

ඒ විගසින්ම මා වැරදි ප්‍රශ්නයක් ඇසු බවද මම වටහා ගතිමි.

නමුත් ඉන් පසු මට ඔහු එම වේදිකාවේදී හමුනොවුනි. බොහෝ විට අපට ඒ මොහොතේ පැවරී තිබූ වැඩකොටස තුළ සාලියගේ නූතන අදහස් හා දේශපාලනය පැලකරන්නට ඒ පැවති ව්‍යුවහයන් නොගැලපෙන ස්වරැපයක් ද තිබුනි.

ඉන් පසු සාලියව ලඟින් ආශ්‍රය කරන්නට ඉඩක් නොලැබුනත්, අරගල සමයේදි මෙන්ම අහඹු අවස්ථා කිපයකදි හමුවිය.

ඉන් පසු හමුවූ හැම හමුවක්ම කෙටිය – තේ කෝප්යක් හෝ බියර් වීදුරක් තොලගාන්නට අවස්ථාවකට ඉඩක් නොතිබුණි.

නමුත් සාලිය මුණ ගැසුන කෙටි කාලයක  වුවද  ඔහු තුළ තිබූ දුලබ රැව -ගුණ නිසාම ඔහු විශේෂ චරිතයක්ව සිටි බව මට පසක් වෙයි.

ඔහු සමඟ ජීවිතේ බෙදාගත්  අත්දැකීම් හෝ බොහෝ සැමරුම් ගැන අත්දැකීම් නැති වුවද..සාලිය මා හමුවේදි පෙන්වූ මෘදු මොලොක් බව ඔහුට නිසර්ගයෙන්ම පැමිණියාද , නැතිනම් ඔහු විශ්වාස කල මනකල්පිත දේශපාලන මත විසින් ඔහුව සැරසුවාදැයි නොදනිමි.

කෙසේ වුවත්, ඔහු වෙතින් දිස්වු ඉතාමත් නිහතමානි සිනහව හා පිළිඹිබුවට මා කැමතිවුවා සේම ඒ හැසිරීම් නිකම්ම ආ ඒවා  නෙවෙන බවත් මම දැනගෙන සිටියෙමි.

නිදහසේ වේදිකාවේ දි හමුවු පරම්පරාගත යූ.එන්.පි කාරයන් හමුවේ කරමින් සිටි සාකච්ඡා වල සමහර ගතිකයන් සාලියට කිසිසේත් නොදිරවු බව මම දැන සිටියෙමි. ඒ අවස්තාවේම මම ඔහුව හැඳිනියෙමි.

කප්පරක් මාක්ස්වාදි  න්‍යායයන් කරපින්නාගෙන, වුවත් ස්ත්‍රියකට ගරුකිරමට හෝ ඇය ඉදිරියේ මෘදු ලෙස හැසිරීමට තරම් ධෛර්‍යක් හැම පිරිමියෙකුටම ලැබෙන්නෙ නැත. ඉට හේතුව අප කරපින්නාගෙන සිටින මහා සම්ප්‍රදායයි. අරගලයේ සිටියදි, ක්‍රියාකාරිව සිටි සහෝදරියක් නිවසට ඇරලු පසුව ” මම උඹව ගෙදර ගෙනත් ඇරලුවා කියලා අපේ ගෑනිට කියන්න එපා ” යැයි එක් සහෝදරයෙකු කියා තිබුනී. අප්‍රසිද්ධියේ අන් ගැහැණුන්ට ආදරය ලෙන්ගතුකම පෙන්වන්නට ඕනැ තරම් කැමති වාමාංශික යැයි කියාගන්නා පිරිමිද ඕනෑ තරම් ඇත.

එහෙත් සිය බහුවිධ ස්ත්‍රිප්‍රේමය ප්‍රසිද්ධියේ විදහා දක්වන්නට සිය පෞරෂය එකඟ කරගත්,කොන්දක් ඇති පිරිමින්ද නැතිවා නොවේ.

සාලිය මට අභිමුඛ වන්නේ මේ කාරණාවෙදිය. ඉතා කෙටි ඇසුරකදි වුව සාලිය තුළ තිබූ මෘදු මොලොක්බව, ස්ත්‍රින්ට ගරු කළ පුරුෂරත්නය මා අගය කරමි. ගරු කරමි. එමෙන්ම ස්තුතිවන්ත වෙමි.

ආයෙත් හමුවෙමු සාලිය…

දිගු ඇසරකට…….

Social Sharing
නවතම පුවත්