ජීවනීට පහරදීමට එරෙහිව පැවරු මුලික අයිවාසිකම් නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

වැලිපැන්න පොලිස් වසමට අයත් මුදලිගම බොන්දුපිටිය දර්ගා නගරයේ පදිංචි ජිවනි විරසිංහ නැමති දෙදරු මවගේ නිවසට පැන පහර දී තුවාල සිදු කිරීමට එරෙහිව වැලිපැන්න පොලිසියේ හිටපු පොලිස් නිලධාරින් තිදෙනෙකුට එරෙහිව ගොණු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාම සදහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.

පසුගිය සැප්තැම්බර් 16 වන දින ශ්‍රේෂ්ඨාධිකරන විසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණ මහතා හා මේනකා විජේසුන්ද මහත්මිය ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්  විසින් මෙම පෙත්සම සලකා බැලූ අතර, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන හා 12(1) ව්‍යවස්ථාවන් යටතේ මෙම නඩුව විභාගයට ගැනිමට අවසර ලබා දී තිබේ.

2024 සැප්තැම්බර් 18 වන දින සවස වැලිපැන්න පොලිසියේ හිටපු පොලිස් පරික්ෂක මුණසිංහ හා තවත් පොලිස් නිලධාරින්  තිදෙනෙක් පැමිණ ජීවන්ගේ ගේ පරික්ෂාකර තම ස්වාමි පුරුෂයා ගැන විමසා තිබේ. ඔහු නිවසේ නැති බව පැවසූ විට ඔහු පවසා ඇත්තේ ඕක අහු වුනොත් බෝම්බයක් දමා රිමාන්ඩ් කරන බවයි. එම අවස්ථාවේ පෙත්සම්කාරිය විසින් එහෙම කොහොමද අහිංසක මිනිසුන්ට බෝම්බ දමන්නේ කියා ප්‍රශ්න කර තිබේ.

එම ප්‍රකාශයත් සමග පොලිස් පරික්ෂක මුණසිංහ ජිවනිගේ කම්මුල්ලට පහරවල් කිහිපයක් ගසා තිබේ. මේ අවස්ථාවේ ඇගේ පොඩි දියණිය අම්මාට ගහන්න එපා මාමේ කියා කෑ ගසා ඇති අතර, එහි දී ඔහු කුඩා දියණියට කුණුහරුපයෙන් බැන වැදී තිබේ. ජීවනීගේ ලොකු දුව විසින් මේ අවස්ථාව විඩියෝ කර ඇත. එය දුටු පොලිස් නිළධාරියා ඇයට ද පහර දී තිබේ. ඇය බේරා ගැනීමට මැදිහත්වන අවස්ථාවේ දී මෙම පොලිස් නිළධාරියා ඒ අසල තිබු මොබ් එකක මිට කඩා ජීවනීට නැවත පහර දී තිබේ. ජිවනීගේ කෑගැසීමට අසල්වැසියන් පැමිනීම නිසා අදාල නිළධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුනි. අදාල පොලිස් නිලධාරියා ඒ අවස්ථාවේ බීමත්ව සිටි බව ජීවනී පවසයි.

පහර දිමෙන් තුවාල වු ජිවනි පසු දා දර්ගා නගරයේ රෝහලට ඇතුලත් කර තිබේ. පසුව එම රෝහලින් ජිවනිව කළුතර රෝහලට මාරු කර ඇත. ඇය පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා, ජීවන්ගේ බරපතල නොවන තුවාල 3ක් හා permeant loss of hearing in the left ear  වශයෙන් බරපතල තුවාලයක් ඇති බව වෛද්‍ය වාර්තාවේ සදහන් කර ඇත.

Social Sharing
නවතම පුවත්