![]()
වසර 25ක් තිස්සේ විභාග වන ලසන්න ජගත්කුමාර ඝාතනයයේ විත්තිකරුට එරෙහි ඇති විවෘත වරෙන්තුව වහා ක්‍රිත්මක කරන ලෙස කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරීට කළුතර මහාධිකර විනිසුරු පසුගිය 15 වනදා නියෝගයක් ලබා දෙන ලදී. එමෙන්ම, මෙම නඩුවට දීර්ඝ කාලයක් ගතව ඇති නිසා සියළුම සාක්ෂිකරුවන් කැදවා මෙම නඩුව ඉක්මනින් අවසන් කිරීම සදහා කටයුතු කරන ලෙසට නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලදී.
2000 වරෂයේදි පයාගල පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඝාතනය කරන ලද ලසන්ත ජගත් කුමාර සිද්ධියට (ශ්‍රියානි සිල්වා එහෙරිව ඉද්මල්ගොඩ නඩුව) අදාලව කළුතර මහා අධිකරනයේ පවතින H.C. 570/13 දරණ නඩුව පසුගිය සැප්තැම්බර් 15 වන දින කළුතර මහාධිකරනයේ දී විභාගයට ගන්නා ලදි.
මෙම නඩුව විත්තිකරු නොමැතිව විභාග වන අතර විත්තිකරුට විරුද්ධව 2005 වර්ෂයේ සිට වරෙන්තු කර ඇති මුත්, එම වරෙන්තුව පොලිසිය විසින් මෙතෙක් ක්‍රියාත්මක නොකිරිම පිලිබදව අගතියට පත් පාර්ශ්වය විසින් කරුනු දැක් විමෙන් පසුව මෙම වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසට කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරිට නියෝග කරන ලදි.
2000 වර්ෂයේ ජුනි 12 වන දින ලසන්ත ජගත් කුමාරව පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ජුනි 17 වන දින දක්වා ඔහු නීතිරෝධි ලෙස රදවාගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා තිබුනි. මෙම අපරාධය පිලිබදව එවකට පයාගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථනාධිපති ප්‍රසන්න වික්‍රමරත්නට විරුද්ධව 2013 වර්ෂයේ අධිචෝදනා ගොනු විය.
මෙම සිද්ධියට අදාල කළුතර මහේත්‍රාත් අධිකරනයේ ලඝු නොවන නඩුව විභාග වන අතර තුර 2005 ජනවාරි 08 දින මෙම විත්තිකරු රටින් පැන යන අතර ඔහුගේ බිරිද 2005 ජනවාරි 11 වන දින තම ස්වාමි පුරුෂයා මව බැලිමට නුවර යනවා කියා ගිය බවත් ඉන් පසු අතුරුදහන්ව ඇති බවට ව්‍යජ පැමිනිල්ලක් පොලීසියට ඉදිරිපත් කර තිබුනි.
ඇය මෙම නඩුවවෙි විත්තිකරු වෙනුවෙන් ඇප තබා සිටි නිසා ඉන් බේරී සිටීමට මෙම ව්‍යජ පැමිනිල්ල කර ඇති බව වාර්තා වේ. ලසන්තගේ මරණ පරික්ෂනයෙන් මනුෂ්‍ය ඝාතනයක් කර ඇති බවට නියෝගයක් තිබියදි මෙම විත්තිකරුගේ ඇප ඉල්ලුම් පත ඉදිරිපත් කර දින හතරකදි ඔහුට ඇප ලබා දී තිබුනි. එහි ඇප කොන්දේසි වුයේ රු 5000/ ශරිර ඇප දෙකක් බව වාර්තා වේ. ඔහු රටින් පැන ගිය පසු ඇපකරුවන් දෙන්නා කළුතර මහේත්‍රාත් අධිකරනයටරු.5000/ බැගින් ගෙවා ඇපවලින් නිදහස්ව ඇත. මින් එක් ඇප කරුවෙක් වූයේ විත්තිකරුගේ බිරිද වන හටන්ගලගේ සුගන්දිකා වන අතර අනෙක් ඇපකරු වුයේ පොලිස් සැරයන්වරයෙකි.
මෙම අපරාධය විමර්ශනය කරන ලද්දේ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසිනි. මෙම නඩුවේ විත්තිකරු රටින් පැන ගොස් නැවත 2007 වර්ෂයේ හා 2009 වර්ෂයේ ලංකාවට පැමිනි ඇති බව වාර්තා වේ. ඒ වනවිට ඔහුට විරුද්ධව විවෘත වරෙන්තුව නිකුත් වි ඇත. 2005 වසරේ සිට මෙම විත්තිකාර පොලිස් නිලධාරියාට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබුන ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය මොහු අත්ඩංගුවට ගැනිම මේ වන තෙක් ඉටු කර නොමැත.
